අඥ්ඥකොරොස් පෙත්තා

පෙත්තට අද මේ පෝස්ට් එක ලියන්න ගද්දිම සුබ ආරංචියක් ආවා. හරි බරි ගැහිලා මේ පොස්ට් එක ලියන්න ගද්දිම ඔන්න ගහ ලගින් රතිඤ්ඤා සද්දයක් අවා. තව පොඩ්ඩෙන් පෙත්තා ගහෙන් බිම. පෙත්තට තදවෙච්චෙ පාර සුරුස් ගාලා ගියා රතිඤ්ඤා පත්තු කරපු එහා ගහේ කපුටගෙ බෙල්ලෙන් අල්ලගන්න. යනකොට එතන ගමෙ කුරුලු පැටවු ටික ඔක්කොම සෙට්වෙලා අර සෙත්තෙපොච්චි වෙච්චෙ එල්ටීටීඊ එක ගැන කතාවෙනෙවා. පෙත්තා ෆුල් අඥ්ඥකොරොස්. මුන්ට මොකෝ මේ එක පාරටම මාස 2කට විතර පස්සෙ අපේ එල්ටීටීඊ එක මතක් උනේ.
පෙත්තා ඉතින් ලග හිටපු මයින පැටියෙක්ට ලංකරලා ඇහුවා මොකද කේස් එක කියාලා. එතකොට ඌ කියාපි එල්ටීටීඊ එකේ ප්‍රදානපෙලේ නායකයෙකයෙක් අහුවෙලා කියලා සැලලිහිනි නාලිකාවෙ කිව්වා කියලා. ආ කියන්න අමතක උනා සැලලිහිනි නාලිකාව කියන්නෙ අපේ කුරුලු රාජදානියෙ ජාතික නාලිකාව. ඌව පලාතේ චන්දෙත් ලගයි නොවැ මට එකපාරටම හිතුනෙ අපේ කුරුලු රාජදානියේ මහාරාජෝත්තමයා වන භේරුන්ඩපක්ශි උතුමානන්ගෙ ලොකු සොහොදරයාගේ පුතා චන්දෙ ඉල්ලන නිසා අර මියැදිච්ච අපේ රටේ කුරුලු කුඩූ කඩන්න අවුරුදු 30ක් තිස්සෙ එල්ටීටීඊ කියලා සන්විදානයක් අටවන් හිටපු අපගෙ මහාරාජෝත්තමයා වන භේරුන්ඩපක්ශි උතුමානන් විසින් ඝාතනය කරනු ලැබූ පිරභාහරන් කුරුලුගොයාට ආපහු පන දීල අල්ලගෙනවත්ද කියෙලා.
ඉතින් පෙත්තා දුවගෙන ගියා රූප පෙට්ටිය ගාවට. ගිහිල්ලා දැම්මා සැලලිහිනි නාලිකාව ඔන්න මැදියමට පෙර එකේ අපගෙ ආරක්ශක ප්‍රකාශක රැවුල් කොහා ෆුල් චූන් වෙලා කියවගෙන කියවගෙන යනවා. හැබැයි මෙයා කියන්නෙ නැ අල්ලගත්තෙ මොකාද කියලා. පෙත්තත් ඉතින් ඉදගෙන බල්ලගෙන හිටියා ඔන්න අන්තිමෙදී කිව්වා අපි කේ පී අල්ලගත්තා කියලා. හම්මේ දන් තමා ඇගට ලේ ටිකක් ඉරුවෙ. අයි මෙච්චර වෙලා හිතන් හිටියෙ අර ප්‍රභා තාම ජීවතුන් අතර කියෙලා නොවැ.
මොකද ඌ ජීවත් වෙලා ඉදලා හම්බවෙලා ටිකකාලෙකට පස්සෙ කරපු වැරදිවලට සමාව ඉල්ලලා අපගේ භෙරුන්ඩපක්ශි උතුමානන් ලගට 5000 ක පමන පක්ශි සේනාවකුත් අරගෙන ගිහින් එතුමාගේ පක්ශයට බැදුනොත් පෙත්තා අනාත නොවැ. මොකද පෙත්තා ඉන්නෙත් මායිමෙ නොවැ.

3 ප්‍රතිචාර comments:

Thameera August 7, 2009 at 10:18 AM  

අපිත් ඉන්නෙ පුදුම සතුටකින් පෙත්තො! කුරුලු කූඩු කීයක් නම් කියල කඩන්න දායක වෙච්ච එකෙක්ද ඔය!

August 7, 2009 at 1:02 PM  

පෙත්තාට මගේන් සුභ පැතුම්!!!
දිගටම ලියන්න

Rachintha Jayawardhana August 8, 2009 at 10:06 AM  

පෙත්තාගේ ලිවිලි මරු !
දිගටම ලියහන් පෙත්තෝ !

Post a Comment

පෙත්තාගේ කැදැල්ලට පිවිස ප්‍රතිචාර දැක්වීමට තරම් කාරුණික වීම පිලිබදව ඔබට තුති.

මම හදවතින්ම ශ්‍රී ලාංකිකයෙක්

මම හදවතින්ම ශ්‍රී ලාංකිකයෙක්

පෙත්තාගේ ඉල්ලීම

පෙත්තාට හිතුනා පෙත්තාගේ බ්ලොග් එකට පොඩි පබ්ලිසිටියක් දාන්න ඒකට මට බ්ලොග් සගයන්ගෙන් පොඩි උදව්වක් ඕනේ. මේ අහිංසක පෙත්තවත් ඔයගොල්ලන්ගේ බ්ලොග් රෝල් එකට දාගන්නවාද පෙත්තත් ලෝබ නැතුව ඔයගොල්ලන්ගේ බ්ලොග් එකත් මගේ බ්ලො රෝල් එකේ දාන්නම්.

ටෙලි කතා අඩවිය නවතම ලිපි

පෙත්තාගේ යාලුවො

පෙත්තාගේ උපහාර පැකේජය

පෙත්තාගේ බ්ලොග් කැදැල්ල වෙත ඔබගේ ප්‍රතිචාර දැක්වීම පිලිබදව සහ එහි සාමජිකයකු ලෙස ඇතුලත්විම පිලිබදව ඔබ සැමට මාගේ උත්තමාචාරය. දරුනු වැඩිද මෙන්න කෙටියෙන් තෑන්ක්ස් මචාලා මචීලා.

ආපු ගාන සහ ඉන්න ගාන

free counters