පෙත්තාගෙ වීර ක්‍රියාව

පෙරේදා රෑ පෙත්තට මාර වැඩක් උනා මාර කියන්නෙ මාරම වැඩක්. පෙත්තා පොඩි පහේ ඩිගිරියක් කරන හින්දා පහුගිය ඉරිදා පන්ති ගිහිල්ලා සදුදා රෑ ගමේ එන්න පිටත් උනා. පෙත්තා ඉතින් වන්නියෙනේ. ඒක හින්දා කොඹලම යන්න ඕන පන්ති. වන්නිය කිව්වට පැය 5කින් විතර ගෙදට්ට ලගාවෙතැහැකි. ඔන්න ඉතින් පෙත්තා පොරවගේ බස් එකට නැගලා පිටිපස්සෙ සීට් එකේ හරිබරි ගැහිලා ඉදගත්තා. පොඩි පහේ නින්දකුත් ගියා.
පෙත්තා කොඹලින් නගිද්දිත් 7.30ට විතර ඇති. අපේ පෙත්තම්මා හැමදාම කියනවා රෑ වෙලා බස් වල යන්න එපා කියලා. කොහෙද ඉතින් පෙත්තා පොරනෙ අහන එකක් ඈ. පෙත්තාගෙ ගෙවල් වලට යන පාරේ ලොකු කැලයක් පහු කරන්න තියනවා. පෙත්තාගේ ගෙවල් වලට යන පාර ෆුල් කාපට් බස් කාරයොත් ඉතින් ආය නෑ අරිනවා ගැස්සිලි පැද්දිලිත් නෑනේ හොදට නින්දත් යනවා. කිලෝමීටර් 30ක් විතර යනකම් පට්ට කැලේ. තැනින් තැනින් ගෙවලුත් තියනවා.
රෑ 12ට විතර ඇති දඩෝං ගාන සද්දයකුත් එක්ක නිකං බස් එක Off Road යන්නා වගේ තෙරුනා හොදට නින්ද ගිහිල්ලා හිටපු පෙත්තා කරනම් 2ක තුනකුත් එක්ක බිම. අම්මට සිරි ඒත් එක්කම බස් එක මොකකද වැදුනා ආය නෑ මාර ජොලි. පෙත්තා දඩ බඩ ගාලා නැගිටලා බැලුවා මොකක්ද කේස් එක කියල. මොනවා බලන්නද මේ ස්ත්‍රී පරානත් එක්ක කෑගහනවා යටිගිරියෙන්. ඒ මදිවට පට්ට කලුවර.ඔන්න වැදුනා ටෝච් පාරක් ආය මොනවද නෑ බස් කාරයට ගෙදර මතක් වෙලාද කොහෙද අර කෑලෙ මැද තිබ්බ ගෙයක් ඇතුලට ගිහින් බස් එකෙන් බාගයක් ගේ ඇතුලේ. ඉස්සරහ දොරෙන් බහින්නත් බෑ පස්ස දොරෙන් බහින්නත් බෑ දෙකම හිරවෙලා ඉස්සෙරහා දොර කුඩු. ඔන්න ඉතින් පෙත්තා අමාරුවෙන් බැහැල තුවාල කාරයොත් වාහන වලට දාන්න උදව් වුනා. ඇගෙත් ඉතින් තැනින් තැන ලේ හැබැයි පෙත්තට කිසි ඇබද්දියක් නැ.
ඔන්න ඉතින් ඊට පස්සෙ පෙත්තා බස් එකක නැගලා ගෙදර ආවා. ආවට පස්සෙ අනේ ඉතින් අපේ පෙත්තම්මා පටන් ගත්තෙ නැතෑ. විශ්වාස කරන්න තාමත් මතක් කර කර බනිනවා.
ඔන්න ඔහොමයි පෙත්තාගෙ වීර ක්‍රියාව අවසන් වුනේ. හැබැයි තාම තුවාල කාරයන්ගෙ තත්වෙ ගැන ආරන්චියක් නෑ.
ඔන්න ඔයගොල්ලන්ට පෙත්තා අවවාදයක් දෙන්න කැමතියි. බස් ඩ්‍රයිවර් අප්ශෙට් වගෙ නම් බස් එකේ මැදට යන්න.

8 ප්‍රතිචාර comments:

malee_msg August 7, 2009 at 2:43 PM  

ඒත් ඉතිං ඩ්‍රැයිවර් උන්නැහේ ගේ ඇතුලට ගියොත් ඉස්සරහා පස්සේ.. මැද්දේ හිටියා කියලා වැඩක් තියනවා යැයි?

පෙත්තා August 7, 2009 at 2:50 PM  

ඒකත් ඇත්ත තමා හ්ම්ම්........ දැන් මොකද කරන්නෙ. අපේ වෙලාව හරිනම් කොහෙ හිටියත් යන්න වෙනවනෙ. නැද්ද

Uraj Deemantha August 7, 2009 at 3:33 PM  

පෙත්තා ඉන්නේ නම් පොළොන්නරුව පැත්තේ කියලා මට sure......!! :D

හික් හික් බස් ඩ්‍රයිවර්ලට බනින්න එපා ....... :P

පෙත්තා මගේ එලවිලි එහෙම දැක්කොත් ඔය ඩ්‍රයිවර් හොදයි කියයි....... :D හික්ස්...... :P

Anonymous August 7, 2009 at 4:19 PM  

අනේ බං පෙත්තෝ, උඹට පියාඹන්න තිබුනා නෙව..
මක්කටැයි බස් වල යන්නේ??????

උඹලා මහා රෑ අනවසරයෙන් ගියපු ගෙදර උන්ටත්, තුවාලද?

පෙත්තා August 7, 2009 at 4:47 PM  

නෑ උන්ටනම් අවුලක් නෑ කඩාගෙන වැදුනේ සාලෙට රන් දෙපැයත් ඉවරනෙ උන් නිදි හැබැයි උන් මාර කුනුපරුප දනේ සමහර ඒවා මමත් එදාමයි ඇහුවේ.

චා_එස් එල් August 7, 2009 at 7:07 PM  

බස් ඩ්‍රයිවර් අප්සට් වගෙනං එහෙ මෙහෙ ගිහිං වැඩක් නෑ බන්ස්.

කෙලින්ම් ඌ ලගට යන්න., ජීවිත වල වගකීම අතට ගන්න.

ඌත් එක්ක බොරුවක් හරි කිය කියා යන්න, ඔය මහරජතුමාට බැන බැන හරි යන්න බැරියැ. උං හරි ආසයි ඒවට.

ශාකුන්තල | Shaakunthala August 7, 2009 at 9:39 PM  

බස් ඩ්‍රයිවර්ලට බනින්න එපා -- සිරාවටම ඔව්. ඒ මිනිස්සු මාර අමාරු රස්සාවක් කරන්නේ.

පොළොන්නරුව ගැන නම් දන්නෙ නෑ. තංගල්ල - කොළඹ වගෙ නම් දවසටම එක ටර්න් එකයි. ඩ්‍රයිවර් උදේ හතරට වැඩ පටන් ගන්න ඕන. ගෙදර යද්දි රෑ 11 විතර වෙනවා.

තරිඳු August 10, 2009 at 8:20 PM  

අඩේ පෙත්තො ....
උඹට යට වෙලා කීදෙනෙක්ට තුවාලද?
සෙල්ලං බරක්යැ......
:D

Post a Comment

පෙත්තාගේ කැදැල්ලට පිවිස ප්‍රතිචාර දැක්වීමට තරම් කාරුණික වීම පිලිබදව ඔබට තුති.

මම හදවතින්ම ශ්‍රී ලාංකිකයෙක්

මම හදවතින්ම ශ්‍රී ලාංකිකයෙක්

පෙත්තාගේ ඉල්ලීම

පෙත්තාට හිතුනා පෙත්තාගේ බ්ලොග් එකට පොඩි පබ්ලිසිටියක් දාන්න ඒකට මට බ්ලොග් සගයන්ගෙන් පොඩි උදව්වක් ඕනේ. මේ අහිංසක පෙත්තවත් ඔයගොල්ලන්ගේ බ්ලොග් රෝල් එකට දාගන්නවාද පෙත්තත් ලෝබ නැතුව ඔයගොල්ලන්ගේ බ්ලොග් එකත් මගේ බ්ලො රෝල් එකේ දාන්නම්.

ටෙලි කතා අඩවිය නවතම ලිපි

පෙත්තාගේ යාලුවො

පෙත්තාගේ උපහාර පැකේජය

පෙත්තාගේ බ්ලොග් කැදැල්ල වෙත ඔබගේ ප්‍රතිචාර දැක්වීම පිලිබදව සහ එහි සාමජිකයකු ලෙස ඇතුලත්විම පිලිබදව ඔබ සැමට මාගේ උත්තමාචාරය. දරුනු වැඩිද මෙන්න කෙටියෙන් තෑන්ක්ස් මචාලා මචීලා.

ආපු ගාන සහ ඉන්න ගාන

free counters