කේ පී රහස් පොලිසීයේ 4වන තට්ටුවෙදී

රාලහාමි-: තමාගේ නම?
කේ පී-: කුමාරන් පද්මනාදන්
රාලහාමි-: උපන්නෙ?
කේ පී-: යාපනේ
රාලහාමි-: එල්ටීටීඊ එකට එකතු වුනේ කොහොමද?
කේ පී-: අනේ සර් මම කවදාවත් එල්ටීටීඊ එකට එකතු උනේ නෑ
රාලහාමි-: මොනවා එහෙනම් එල්ටීටීඊ එකට සල්ලි එකතු කරලා එව්වෙ?
කේ පී-: අනේ එහෙම එව්වා තමා අයියා ඒ නොකර බැරිකමට
රාලහාමි-: ඇයි නොකර බැරි වුනේ?
කේ පී-: (හඩමින්) මම හොදට ඉගෙන ගනිමින් හොද පවුල් පරිසරයක හැදි වැඩුනු ලමයෙක්
රාලහාමි-: ආ ඇත්තද?
කේ පී-: එක දවසක් මහා රාත්රිුයේ මම පාඩම් කරකර ඉද්දි එල්ටීටීඊ සාමාජිකයන් අපේ ගෙදට්ට ආවා. ඇවිත් මාව ඇහුවා ඒ වෙනකොට අපේ අම්මා මාව ගෙදර කක්කුස්සි වලේ හංගලා තිබ්බේ. බොරුනම් මේ බලන්න අයියා තාම ගදයි.
රාලහාමි-: ඔයවෙනකොට තමාට වයස කීයද?
කේ පී-: 22ක් විතර ඇති
හ්ම්ම් කියමු බලන්න ඉතුරු ටික
කේ පී-: එතකොට අපේ ගෙදර මගේ මල්ලි හිටියා ඒ පොඩි එකාට අවුරුදු 12යි. ඉතින් එල්ටීටීඊ එක ඒ මල්ලිව මම වෙනුවට අරගෙන යන්න හැදුවා. අයියෝ මට තාම ඒ මල්ලිගෙ මූන මැවිලා පේනවා අයියෝ කඩවඩේ. ඉතින් හැදිච්චි පවුලක ලමයෙක් වන මම මගේ මල්ලිව අරගෙන යනවා බලන් ඉන්නෙ කොහොමද?.
රාලහාමි-: අපගේ බුද්ධ් අංශ සදහන් කරන විදිහට ඔබට මල්ලි කෙනෙක් සිට නෑ
කේ පී-: ආ ඇත්තද? සමාවෙන්න සර්, මට පැටලුනා ඒ මගෙ නංගි. ඉතින් සර් මම හිතට හයිය අරගෙන එල්ටීටී එකට ගිහින් බාර වුනා. උන් මට තුවක්කුවෙන් එකක් ගහපු ගමන් මට සිහිනැති වුනා. නැගිටලා බලද්දි මම හිටියෙ කොටි කදවුරක. වටේටම කම්බිගහලා පැනලා යන්න බැරිවෙන විදිහට. ඔය අතරේ අපේ නායකයා මා ලගට ඇවිත් කිව්වා අපගේ අරගලයට ඔබගේ සහය අවශයයි ඒ නිසා කැපවීමෙන් වැඩ කරන්න කියලා. ඉතින් සර් මම දැනගෙන හිටියා මම පැනලා ගියොත් මුන් මගේ මල්ලිව ආ සමාවෙන්න නංගිව අරන් එන බව ඉතින් මම අකමැත්තෙන්ම සංවිධානයට වැඩ කලා.
රාලහාමි-: එතකොට ඔබ විදේශගතවන්නේ?
කේ පී-: මම නිතරම අපේ නායකයාට කියා සිටියා මෙම ගැටලුවට පිලිතුරු යුද්ධයෙන් ලබාගන්න බෑ කියලා. ඉතින් ඒ නිසාම මම සංවිදානයට හොරෙන් රට ගියා. ගිහින් හැංගිලා ඉන්නකොට එල්ටීටීඊ සාමාජිකයකුට මාව අසු වුනා. ඊට පස්සේ අපේ නායකයා මට තර්ජනය කලා විදේශ වල ඉදන් සංවිදානයට මුදල් එවන්න කියලා නැත්නම් කුචුකවනවා කිව්වා. ඉතින් මම බයටම සල්ලි එවුවා.
රාලහාමි-: හරි පව් (කදුලු පිස දමමින්)
රාලහාමි-: එතකොට ඇයි ප්රතභාකරන් සෙත්තපොච්චි වුනාට පස්සේ අපිට භාර වුනේ නැත්තේ?
කේ පී-: මම හැංගිමුත්තම් කරන්න හරි ආසයි ඒකයි (හුරතල් වෙමින්)
රාලහාමි-: අපිට ඔබගේ ගමන් මලුවේ තිබිලා ගමන් බලපත්ර 250 ක් පමන හමු වුනා?
කේ පී-: ආ ඒ මගේ විනොදාංශය පාස්පෝට් එකතු කිරීම

පහත දැක්වෙනුයේ කේ පී අල්ලාගත් පසු රහස් පොලිසීයේ 4වන තට්ටුවෙදී පොලිසිය කුචුකවා ප්රනශ්න කිරීමේදී පිලිතුරු දෙතැයි පෙත්තා සිතන ආකාරයයි.

12 ප්‍රතිචාර comments:

DragonD August 7, 2009 at 5:19 PM  

අම්මටසිරි ! එල කතාව ! තාමත් මම බඩ අල්ලගෙන හිනා වෙනව ! ඔබට දිගටම මේ බ්ලොග් අඩවිය කරන්න ලැබේවායි මම ප්‍රාර්තනා කරනවා ! මගෙන් සුබ පැතුම් !

DragonD August 7, 2009 at 5:23 PM  

පෙත්තා අය්යාට මේ බ්ලොගය සම්පූර්න සින්හලෙන් කෙරීමට ( Post a Comments , # comments , older posts , newer posts , Blogspot Theme Design by: Ray Cre, home , post RSS ) වගෙ ඒව සින්හල කෙරීමට අවශය නම් කියන්න ! මගෙන් ඕනි උදව්වක් !

මාත් මෙවැනි බ්ලොගයක් ලියනවා , ඉසිපැම් කෙරීමක් වන බැවින් මෙතන ලින්ක් නොදමන්නෙමි , මගෙ බ්ලොගර් ප්‍රොෆයිල් පොජ්ජෙන් දැන ගැනීමට හැකි වේවි !

Hakuna Matata August 7, 2009 at 5:43 PM  

මල්ලි හොදයි මල්ලි....අපි එන්නං...ආ...

http://myresignation1.blogspot.com/

දුකා August 7, 2009 at 8:40 PM  

ela story eka. . . !

Anonymous August 7, 2009 at 8:52 PM  

නියමයි මචන්

DragonD August 7, 2009 at 9:31 PM  

පෙත්තා අය්ය ,

මම මේක දැන 10 පාරක් විතර කියෝලා අපේ ගෙදර අයටත් පෙන්නුවා ! මේකෙ දෙවෙනි කොටසත් කියන්නකෝ ............

NUWAN August 7, 2009 at 9:37 PM  

කේ .පි ගෙන් පස්සෙ ඉන්න නයකයාගෙ නමත් මුගෙන් අහගත්තා නම් අපේ කේ.පි ගෙ මහා වීර ක්‍රියා විස්තර කරපු අයට සෑනසීමක් වෙයි.මොකද කොටි තාම ඉවර නෑ කියලා ලියන්න අලුත් නමක් ඕන නේ දෑන්. හොදට ලියලා තියෙනවා.....

Anonymous August 7, 2009 at 9:41 PM  

Great creativity. Keep writing.

Thameera August 8, 2009 at 8:28 AM  

හික්! මරු පෝස්ට් එක!

Rachintha Jayawardhana August 8, 2009 at 9:59 AM  

එලනේ..දිගටම ලියහන් මචෝ

පෙත්තා August 8, 2009 at 6:17 PM  

DragonD -: තෑන්ක්ස් මචං
Hakuna Matata -: එකඉ වෙන්න ඕන
දුකා -: තෑන්ක්ස් මචාං
දිසා -: තෑන්ක්ස් මචාං
NUWAN"s lane -: ඒක තමා කියන්න දෙයක් දැනටමත් හොයාගෙන ඇති
තමීර -: තෑන්ක්ස් මචාං
මුචලින්ද -: තෑන්ක්ස් මචාං

malee_msg August 10, 2009 at 9:55 AM  

හික් හික්... පෙත්තෝ බලාගෙන සුදු කපුටෙක් වත් ආවෝත්!!!

Post a Comment

පෙත්තාගේ කැදැල්ලට පිවිස ප්‍රතිචාර දැක්වීමට තරම් කාරුණික වීම පිලිබදව ඔබට තුති.

මම හදවතින්ම ශ්‍රී ලාංකිකයෙක්

මම හදවතින්ම ශ්‍රී ලාංකිකයෙක්

පෙත්තාගේ ඉල්ලීම

පෙත්තාට හිතුනා පෙත්තාගේ බ්ලොග් එකට පොඩි පබ්ලිසිටියක් දාන්න ඒකට මට බ්ලොග් සගයන්ගෙන් පොඩි උදව්වක් ඕනේ. මේ අහිංසක පෙත්තවත් ඔයගොල්ලන්ගේ බ්ලොග් රෝල් එකට දාගන්නවාද පෙත්තත් ලෝබ නැතුව ඔයගොල්ලන්ගේ බ්ලොග් එකත් මගේ බ්ලො රෝල් එකේ දාන්නම්.

ටෙලි කතා අඩවිය නවතම ලිපි

පෙත්තාගේ යාලුවො

පෙත්තාගේ උපහාර පැකේජය

පෙත්තාගේ බ්ලොග් කැදැල්ල වෙත ඔබගේ ප්‍රතිචාර දැක්වීම පිලිබදව සහ එහි සාමජිකයකු ලෙස ඇතුලත්විම පිලිබදව ඔබ සැමට මාගේ උත්තමාචාරය. දරුනු වැඩිද මෙන්න කෙටියෙන් තෑන්ක්ස් මචාලා මචීලා.

ආපු ගාන සහ ඉන්න ගාන

free counters