අහිංසක කේ පී වහා නිදහස් කරනු

පෙත්තා කේ පී ගේ පාපොච්චාරනය අනාවරනය කිරීමෙන් දින කීපයකට පසු ඇස් වාට්ටුව හන්දියේදී.

ප්‍රාඩෝ, මොන්ටේරෝ, මයික්‍රෝ, මයිනර් ආදී අති සුඛෝපබෝගී වාහන රැසක් ඇස් වාට්ටුව හන්දියේ නවතී. ඉන් කලු මුඛවාඩම් බැදගත් පිරිසක් කඩි මුඩියේ බැසගනී. ඉන් පසු මුඛවාඩම් බැදනොගත් අපේ අවමංගල උතුමා ඉන් බැසගනී.
එසැනනින්ම අපේ හිස්ටීවී (ඔලුටීවී කියද කියති ) නාලිකාවන්ද පැමිනේ. ඉන්පසු සියලු දෙනාම වැඩිය හුරුනැති වුනත් බෝඩ් ලෑලි වගයක් උස්සන් කෑ ගසමින් ඉදිරියට ගමන් ගනී.
පෙත්තාටත් ඕන්නැති මගුලක් නෑනේ ඒකටත් හොට දාලා බැලුවා මොනවද තියෙන්නෙ කියලා.
බෝඩ් ලෑලිවල තිබූ දේවල් දැක පෙත්තා පුදුම නොව්නත් ( ඇත්ත තත්වය ලොවට දැනුම් දීමට මූලික වූ නිසා) වටේ සිටි කශ්ටිය පුදුමෙන් මෙන් බලා සිටි නිසා මාද බොරුවට පුදුම විය.

අහිංසක කේ පී වහා නිදහස් කරනු
ජීවිතය පරදුවට තබා නංගීව/මල්ලිව බේරා ගත් කේ පී වීරයෙකි
මනුශ‍යත්වයේ ප්‍රතිමූර්තිය කේ පී නිදහස් කරනු
කේ පී ගේ මානව හිමිකම් සුරකිනු
පත්තර වලට ලිපි ලියූ මාදයවේදී කේ පී නිදහස් කරනු

රටට ඇත්ත කියූ පෙත්තාට අපගේ උපහාරය

මේ ඉහත දැක්වූයේ එම බෝඩ්ලෑලි වල තිබූ සටන් පාට කිහිපයකි. ඔබට එම අවස්ථාවෙදී අවමංගල තුමා ගැන පෙත්තාගේ හිතේ ඇති වූයේ මේ වාගේ මිනිසුන් සිටිනා වූ රටක ඉපදීමට ලැබීමත් වාසනාවක් යන්නයි. ඔන්න ඉතින් අපගේ අවමංගල තුමා සමග එම රැලිය කිලෝමීටර් 0.00005ක් පමන ඉදිරියට ගොස් ඇත්වූ මහන්සිය නිසා කුලු හරක් මෙන් හති ලමින් බිමම වාඩි විය. මෙසේ බිමම වාඩී වූයේ අපට පේන්නද, ඉදගන්න වෙන තැනක් නොතිබූ නිසාද යන්න පෙත්තාට අවබෝධ කර ගත නොහැකි විය. මක් නිසාද යත් ලෝක ගේම් කාරයෙක් වන අවමංගල තුමා සමග සැසදීමේදී පෙත්තාගේ මොලය බැක්ටීරියාවක් පමන වන හෙයිනි.
ඒත් සමගම අපගේ හිස්ටීවී නාලිකාවේ මයික් එක අවමංගල තුමාගේ මුවට ලංවිය. ඒත් සමගම අපගේ අවමංගල තුමා තිබ්බ තිබහට අයිස් ක්‍රීම් එකක් යැයි සිතා එය ලෙවකාගෙන ලෙවකාගෙන ගියහ. ඒත් සමගම අපේ හිස්ටීවී නාලිකාවේ කොලුවා හරි අමාරුවෙන් මයික් එක ගලවාගන්නා අතරේ පෙත්තා විසින් මහත්පල මහානිශංශ පතාගෙන අවමංගල තුමාට අයිස් පලමක් ලබා දුනි.
එම අයිස් පලම කා ඉවර කල අපගේ අවමංගල තුමා තමාගෙ අදහස් දැක්වීම ඇරඹීය.
" මාගේ දේශප්‍රේමී ජනතාවෙනි මාගේ දේශප්‍රේමී සගයනි ඔබ සියලු දෙනා දන්නා පරිදි මෙම ජනතා විරෝධී ආන්ඩුව දැන් දැන් මේ රට තුල පමනක් නොව විදේශයන්ගේ පවා තම අදිසි හස්තය ක්‍රියාත්මක කිරීමට පටන් ගෙන. ඔබ තුමන්ලා දැනටමත් දන්නා පරිදි අර කිරිසප්(ර්)පයකු මෙන් සිටි කේ පී අත්ඩංගුවට ගෙන රදවාතබාගෙන කුචුකවමින් සිටිනවා. මෙය ජනතාවාදී ආන්ඩුවකට වටිනා ක්‍රියාවක්ද?. එල්ටීටීඊ තර්ජන වලට බියෙන් යුරෝපයේ වීදිවල හිගා කා එම සංවිදානයට මුදල් එවීමට ක්‍රියා කලා. ඒ ත්‍රස්තවාදී අදහසින් නොව තමන්ගේ ජීවිතයට තිබූ බියෙන්. තමාගේ නංගී ( මල්ලිද නංගිද? ලග සිටින්නෙකුගෙන් අසයි ) බේරා ගැනීම උදෙසා තම ජීවිතය මෙම පුද්ගලය සංවිදානයට කැප කලා. ( හොටු පෙරාගෙන අඩමින් ) ඔබ වුනත් එසේ කරන්නේ නැද්ද. මෙම කිරිසප්(ර්‍)පයාගේ විනෝදාංශය ලෙස කර ඇත්තේ ගමන් බලපත්‍ර එකතු කිරීමයි. අද ආන්ඩුව මෙම කිරිසප්(ර්‍)පයාගේ මෙන ක්‍රියාව වැරදියට දකිනවා. මෙය හරියට අර වෙබ් අඩවි තහනම් කලා වගේ වැඩක්. අනාගතේදී අපට විනෝදාංශත් තහනම් වේවි. එම නිසා මම කියන්නේ වහාම කේ පී නිදහස් කරනු. අපේ මනුශයත්වයේ ප්‍රතිමූර්තිය රැකගමු (අවමංගල තුමාගේ කතාවෙන් උදම් වූ පිරිවර හයියෙන් අත්පුඩි ගසයි )"
ඒත් සමගම එතනට අමුත්තෙක් පැමිනෙයි. එතුමා අපේ සැමදා විපක්ශේ නායකතුමානන්වන අනාගන්න තුමාය. ඔහු පැමිනෙනවාත් සමගම අපගේ හිස්ටීවී නාලිකාවේ මයික්‍රෆොනය ඔහු වෙත යොමු විය. හිස් ටීවී නාලිකාවේ නිවේදක තුමා කේපී අත් අත් අඩංගුවට ගැනීම පිලිබද කුමක් සිතන්නේදැයි විමසීය.
" මට ඔය ඉන්නේ කේපී ද කියා ඩී එන් ඒ පරික්ශාවක් කිරීමට අපට ඉඩ දිය යුතුයි. මක් නිසාද යත් ඌව චන්දය නිසා ආන්ඩුව වෙනත් කෙනෙක් කේපී යැයි කියනවා වෙන්න පුලුවන්. ඒ ගැන දැනගන්න ජනතාවට අයිතියක් තියනවා.ආන්ඩුව කියන විදිහට ඇත්තටම ඔය ඉන්නේ කේ පී නම් වහාම පඩි වැඩි කල යුතුයි. තෙල් මිල අඩු කල යුතුයි.............." ඒත් සමගම ඉතුරු ටික කියන්න නොදී සැමදා විපක්ශේ කශ්ටිය අනාගන්න තුමාව වාහනයට දමාගෙන ලෙල්ලට පෑගිය. මෙය පෙත්තාට සෑහෙන ගැටලුවකි මෙච්චර පබ්ලිසිට් ගන්න තිබ්බ වෙලාවක සැමදා විපක්ශෙ කශ්ටිය මෙසේ කලේ ඇයි.

ඔන්න ඉතින් පෙත්තට මාර හැපි. පහුගිය ලිපියට ප්‍රතිචාර ගොඩයි. දැඩි ප්‍රේක්ශක ඉල්ලීම මත දෙවනි කොටසත් ලියන්න හිතුවා. ( අපේ රූපවාහිනි නාලිකාවල කවුරුවත් ඉල්ලන්නේ නැතුව මෙලෝ රහක් නැති සමහර වැඩසටහන් දෙවනි පාර දාද්දි කියන්නෙ දැඩි ප්‍රේක්ශක ප්‍රතිචාරය මත ආයෙත් පෙන්වනවා කියලනේ. හැබැයි ඉතින් පෙත්තටනම් එක ඉල්ලීමක් ආවා ඩ්‍රැගන් ඩීගෙන්)

11 ප්‍රතිචාර comments:

Anonymous August 8, 2009 at 4:31 PM  

අම්ෙමා් මට හිනාව නවත්ත ගන්න බෑ.

චමින්ද August 8, 2009 at 4:33 PM  

hmmm, narakamath naaa, sudhu wean......peep peep

NUWAN August 8, 2009 at 4:47 PM  

බලාගෙන පෙත්තෝ කේ.පී ගෙ යාලුවන්ට මෙහේ ඉන්න දුක හිතෙන්න පුලුවන්.මානව අයිතිවාසිකම් බෝඩ් එල්ලගත්තු නිදහස් කුලී කාරයෝ එමට ඉන්නවානේ මෙහේ.

පොතේ ගුරා August 8, 2009 at 6:02 PM  

හික් හික්..කලින් ලිපිය වගේම රසවත් බන්..දිගටම ලියන්න.. :)

පෙත්තා August 8, 2009 at 6:12 PM  

නුවන්ස් ලේන් -: බය වෙන්න කාරි නෑ උන් කොලඹින් මෙහා රටක් තියනවද කියලාවත් දන්නේ නෑ. පෙත්තා වන්නියෙනේ ඉතින් කොහේ හොයන්නද?
පොතේ ගුරා -: බොහෝම ස්තුතියි දිගට විතරක් නෙමේ පලලටත් ලියන්නම්

Pasindu August 8, 2009 at 6:15 PM  

නියමයි

නිලන්‍ත August 8, 2009 at 7:17 PM  

පෙත්තාගේ ජන්ම පාට අතහැර ආන්ඩු පක්ෂයට ගොස් ඇමතිකමක්, සංවිධායක කමක් ගැනීමට දතකනවායැයි චෝදනාවක් එල්ලවිය හැක. ඔය වචන ටිකට අඩුමගානේ ජාතිවාදී පෙත්තායැයි නම්බුනාමයක් සුවර්මය.

NUWAN August 8, 2009 at 8:04 PM  

@නිලන්‍ත- ඒක තමා නිලන්ත මාත් කිව්වේ පෙත්තා වන්නියෙ නිසා හොදයි.නෑත්නම් සිරස ගෑන,මානව හිමිකම්,කොටි ගෑන එහෙම ලියලා ,මුත්‍රා දෑවිල්ලක් හෑදුනත් කෑ ගහන මේ අයගේ හිතවත් උදවියට මොනවා හිතෙයිද

පෙත්තා August 8, 2009 at 9:06 PM  

හෝව් හෝව් මේ පෙත්තාවනම් දේශපාලනයට ඈදාගන්න නම් එපා. පෙත්තාගේ පලවෙනි පෝස්ට් එක කියවලා මේ බ්ලොග් එක ගැන පොඩි අවබෝදයක් ගන්න. මේක පෙත්තාගේ හිතට එන සෑම දෙයක්ම කියලා දාන්න ලියන එකක්. හැබැයි මම දේශපාලනයනම් කරන්නේ නෑ. වරදවා හිතන්න එපා. මේ දින වල ප්‍රදානම මාතෘකාව වන කේපී ගැන මගේ හිතට එන අදහස් ලිවීම සහ අතීතයේ මෙවැනි අවස්තාවලදී දේශපාලකයන් හැසිරුනු ආකාරය අනුව එයද මෙයට ඈදා රසවත් ලෙස ලිවීමට දැරූ උත්සාහයක් පමනී. මම බ්ලොගය කාටවත් මඩ ගැසීමට හෝ කඩේ යාමට පවත්වාගෙන යන්නක්ද නොවේ. මම මාගේ හිතැගි ලියන විට වදින තැනකට වැදුනාවේ. පෙත්තාට පාං යෑ. මෙහි කිසිම දෙයක් පදනමක් නැති දේවල්ද නොවේ. දැනට ලිව්වේ ලිපි සුලු ප්‍රමානයක් වුවත් ඒ තුල ඇතිවූ මෙවැනි සංවාද බොහෝය. එයට මාගේ දැඩි සතුටට හේතුවන අතර ඔබට බොහෝ තුති.අනාගත ලිපි වලින් මෙය ඔබටම තේරුම් යනු ඇත. මේ බනිනවනම් නෙවේ. ඕන දෙයක් ලියන්න. මොකද පෙත්තත් කොරන්නේ ඒකම නොවෑ.

නදුන් උයන August 9, 2009 at 8:27 AM  

දිවයිනේ, ලක්බිමේ තියෙන තීරු ලිපියක් වගේ.... හරිම රසවත්....

මිගාර August 10, 2009 at 9:57 PM  

එළ කිරි. දිගටම ලියපන්!

Post a Comment

පෙත්තාගේ කැදැල්ලට පිවිස ප්‍රතිචාර දැක්වීමට තරම් කාරුණික වීම පිලිබදව ඔබට තුති.

මම හදවතින්ම ශ්‍රී ලාංකිකයෙක්

මම හදවතින්ම ශ්‍රී ලාංකිකයෙක්

පෙත්තාගේ ඉල්ලීම

පෙත්තාට හිතුනා පෙත්තාගේ බ්ලොග් එකට පොඩි පබ්ලිසිටියක් දාන්න ඒකට මට බ්ලොග් සගයන්ගෙන් පොඩි උදව්වක් ඕනේ. මේ අහිංසක පෙත්තවත් ඔයගොල්ලන්ගේ බ්ලොග් රෝල් එකට දාගන්නවාද පෙත්තත් ලෝබ නැතුව ඔයගොල්ලන්ගේ බ්ලොග් එකත් මගේ බ්ලො රෝල් එකේ දාන්නම්.

ටෙලි කතා අඩවිය නවතම ලිපි

පෙත්තාගේ යාලුවො

පෙත්තාගේ උපහාර පැකේජය

පෙත්තාගේ බ්ලොග් කැදැල්ල වෙත ඔබගේ ප්‍රතිචාර දැක්වීම පිලිබදව සහ එහි සාමජිකයකු ලෙස ඇතුලත්විම පිලිබදව ඔබ සැමට මාගේ උත්තමාචාරය. දරුනු වැඩිද මෙන්න කෙටියෙන් තෑන්ක්ස් මචාලා මචීලා.

ආපු ගාන සහ ඉන්න ගාන

free counters