අනේ අපට දෙයියන්ගේ පිහිටයි

ඔන්න ඉතින් පෙත්තා දවස් කිහිපයකට පස්සේ පෝස්ට් එකක් ලියනවා. අද කියන්න යන්නේ අපේ රටේ ටෙලිවිශනයේ කරන වචන හරබය ගැන. මේක ගැන ඔයගොල්ල වැඩිය හිතල නොතිබ්බත් මේක බොරුද කියලා හොදට ටීවී එකට ඇහුන්කන් දෙන කෙනෙක්ට තෙරෙයි.

ප්‍රභාකරන්ගේ මරනයට පෙර

මෙම සිද්දියට පෙර රජයට හිතැති මාද්යන්ට ප්‍රභාකරන් අල්ලා ගැනිම හෝ ඝාතනය එතරම් වැදගත් නොවේ. මක් නිසාද යත් එල්ටීටී සන්විදානයට රජයේ හමුදා දැවැන්ත ප්‍රහාර එල්ල කර ඇති නිසා ප්‍රභාකරන් පැන ගියත් යලි සන්විදානය විය නොහැක.

නමුත් විපක්ශ හිතවාදී මාද්යන්ට ප්‍රභාකරන් අල්ලා ගත නොහැකි උනොත් එය ඊලාම් සටන තේරුමක් නැත් දෙයක් බවට පත්වීමට තරම් දෙයකි. විශේශයෙන් මෙය සනාත කිරීමට විපක්ශ හිතවාදී මාද්යන්ට (කාලයක්) ප්‍රදානතම සතුරන් වූ ජෙප්පන් ගේ කතා පවා යොදා ගැනුනි.

ප්‍රභාකරන් අල්ලා ගනීමට පෙර රජයට හිතැති මාද්යන් ප්‍රභාකරන්ට අමන්ත්‍රනය කරේ "එල්ටීටීඊ සන්විදානයේ නයකයායැයි කියාගන්නා ප්‍රභාකරන්" ලෙසය. ඒ වන විට විපක්ශ හිතවාදී මාද්යන්ට "එල්ටීටීඊ නායක ප්‍රභාකරන්" විය.

ප්‍රභාකරන්ගේ මරනයට පසු

මෙම සිද්දියට පසු රජයට හිතැති මාද්යන්ට ප්‍රභාකරන් අල්ලා ගැනිම හෝ ඝාතනය කොතරම් වැදගත් වේද යත් මේම මෙහෙයුමේ ප්‍රදාන ඉලක්කය ප්‍රභාකරන් වේ ( සත්ය වශයෙන්ම ඉලක්කය එයයි ) . මක් නිසාද යත් එල්ටීටී සන්විදානයේ ජීවනාලිය එයයි. ප්‍රභාකරන් කොහේ හෝ සිටියානම් අනිවාර්යයෙන්ම එල්ටීටීඊ සන්විදානය යලි සන්විදානය වේ. එසේ වීනම් මෙම මෙහෙයුම වැඩක් නැත.

නමුත් විපක්ශ හිතවාදී මාද්යන්ට ප්‍රභාකරන් මරා දැමීම එතරම් වැදගත් නොවන්නේ එල්ටීටීඊ නම් මහා වෘක්ශයේ ප්‍රභාකරන් එක් අත්තක් පමනි. ජාත්යන්තර ජාලය එල්ටීටීඊ සන්විදානය මෙහෙයවනු ඇත. එහෙයින් ප්‍රභාකරන් මරාදැමීම එක් සාමාන්ය සිද්දියක් පමනි

මේ වන විට රජයට හිතැති මාද්යන්ට ප්‍රභාකරන් " මිනීමරු එල්ටීටීඊ නායක ප්‍රභාකරන් " වන අතර විපක්ශ හිතවාදී මාද්යන්ට " එල්ටීටීඊ නායකයා යැයි කියාගත් ප්‍රභාකරන්ය "

කේ පී අල්ල ගැනීමට පෙර

රජයට හිතැති මාද්යන්ට අනුව මේ වන විට කේ පීට කල හැකි දෙයක් නොමැත. එල්ටීටීඊ සන්විදානයේ මුදල් ගසා කාගෙන සැප ජීවිතය ගත කිරීමට කේපී සැලසුම් කරගෙන ඇත. ඒ අනුව ඔහුට යලි සන්විදානය කිරීමට හෝ යුද ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැක. ඔහු කියන කරන සැම දෙයම ඊලාම් ප්‍රජාවගෙන් සල්ලි එකතු කර ගැනීම සදහායි. ඔහු ඇත්ත වශයෙන්ම මෙලෝ දෙයක් කරගැනීමට නොහැකි සල්ලි වලට කෑදර පබයෙකි. මේ වන විට රජයට හිතැති මාද්යන් කේ පී හදුන්වන්නේ " එල්ටීටීඊ නව නායක ලෙස හදුන්වා ගන්නා කේ පී " ලෙසයි.

විපක්ශ හිතවාදී මාද්යන්ට අනුව කේ පී ට කල නොහැක්කක් නොමැත. ඔහු ඉතාමත් බලගතු පුද්ගලයෙක් වන අතර දැඩි විදේශ සම්බන්දතා ඇත. ඔහු ශ්‍රීලන්කාවට එක්සත්ජාතීන්ගේ හමුදාවක් ලන්කාවට එවීමට කටයුතු කිරීමට සූදානම් වේ. රටින් පිට සන්කේතාත්මක ඊලාම් රාජ්යයක් පිහිටුවා ඊලාම් ප්‍රජාව එකතු කිරීමට කටයුතු කරයි. මේ වන විට මෙම මාද්යන් කේ පී හදුන්වන්නේ " එල්ටීටීඊ නව නායක කේ පී " ලෙසයි

කේ පී අල්ලා ගැනීමෙන් පසු

රජයට හිතැති මාද්යන්ට අනුව කේ පී අල්ලා ගැනීම ප්‍රභාකරන් මැරීම තරම්ම සුවිශේශී දෙයකි. ඔහු තරම් විදේශ සම්බන්දතා මුදල් හදල් ඇති පුද්ගලයෙකු අල්ලා ගැනීම ලන්කාවට කීර්තියකි (ඇත්ත මෙයයි ) . ඔහු සිටියේනම් නැවතත් ලන්කාවට එරෙහිව සන්විදානය සන්විදානය කිරීමට කටයුතු කරනු ඇත. ඔහු ඊලාම් සටන ගෙන යාමට ආයුද සැපයු පුද්ගලයායි. ඔහුට තිබූ විදේශ සම්බන්දතා වලට අනුව ශ්‍රී ලන්කාවට විදේශීය හෝ විදේශ කුලී හමුදාවක් එවීමේ හැකියාව තිබුනි. මේ වන විට රජයට හිතැති මාද්යන් කේ පී හදුන්වන්නේ " එල්ටීටීඊ නව නායක කේ පී " ලෙසයි.

විපක්ශ හිතවාදී මාද්යන්ට මේ වන විට කේ පී එතරම් වැදගත් නැත් පුද්ගලයෙකි. ඔහුට මුදල් තිබුනට් කල හැක්කක් නොමැත. ඔහුව විදේශගත ඊලාම් ප්‍රජාව පවා පිලි නොගනී. මේ වන විට මෙම මාද්යයන් කේ පී ව හදුන්වන්නේ " එල්ටීටීඊ නව නායක යැයි කියාගන්න කේ පී " ලෙසයි.

අද වන විට සියලුම මාද්ය මෙම රජයට හිතැති මාද්ය සහ විපක්ශ හිතවාදී මාද්ය ලෙස කොටස් දෙකකට බෙදී ඇත. පත්තර කිහිපයක් හැරුනු කොට අනිකුත් සියලු මාද්යයන් මෙම කුලකයන්ට අයිතිවේ. මේ අනුව අපි පිලිගත යුත්තේ කුමක්ද මෙම මාද්යයන් අද කියන දේ හෙට වෙනස් කරයි. රජයට හිතැති මාද්ය ලකුනු ලබා ගැනීමට මෙසේ කරන අතර විපක්ශ හිතැතිමාද්ය ආන්ඩුවට මෙම කරුනු වලින් ලැබෙන වාසිය නැති කිරීමට මෙසේ කරයි. අවසානයේ කියන්න ඇත්තේ

මෙම මාද්ය භාවිතකරන අපට දෙයියන්ගේ පිහිටයි යනුවෙනි

මැයි 19 අපායේදී

ඔන්න ඉතින් අද පෙත්තා ලියන්න යන්නේ මීට මාස තුනකට පෙර මැයි 19 අපායේ ඇති වූ කතාබහකුයි.

කින්ග් යමට ඇතින් ගැන්සියක් පිරිවරාගත් කොට මහත පුද්ගලයකු පැමිනෙනු පෙනේ. කින්ග් යම මෙම පුද්ගලයා හදුනාගන්නා අතර ඒ අපගේ ප්‍රභාකරන් උත්තමයායි.

කින්ග් යම -: ආ මස්සිනා කොහොමද සැප සනීප
ප්‍රභා -: හොදින් ඉන්නවා.
කින්ග් යම -: මොකද මේ සෙට් එකත් එක්කම.
ප්‍රභා -: පොඩි අව්ලක් ගියා මස්සිනා මහින්ද අපට කෙලෙව්වා.
කින්ග් යම -: ආ ඒක කවදාහරි කාගෙන් හරි වන්න තිබ්බ දෙයක්
ප්‍රභා -: ඇයි මස්සිනා එහෙම කියන්නේ? මට උහුලගන්න බෑ එහෙම කතා කරද්දී.
කින්ග් යම -: නෑ ඉතින් අනුන්ට විමුක්තිය දෙන්න ගියපුවහම තමන්ටත් විමුක්තිය ලැබෙනවා නොවැ
ප්‍රභා -: ඒකත් ඇත්ත නොවෑ
කින්ග් යම -: මස්සිනා එන්න කලින් මෙහෙට කෝල් එකක් ආවා
ප්‍රභා -: අම්මට සිරි මෙහෙට ටෙලිෆෝන් කනෙක්ශනුත් තියනවද
කින්ග් යම -: ආය මොනකතාද මස්සිනා මෙහෙට එන බව දැනගෙන එන් ජී ඕ සෙට් එකක් කලින්ම මෙහේ යටිතල පහසුකම් නංවන්න වැඩසටහනක් දියත් කරා.
ප්‍රභා -: ආ උං මෙහෙත් ඉන්නවද
කින්ග් යම -: නැ උං මෙහේ ඉන්නවා නෙමේ උන් පදින්චිය මෙහේ මෙහෙට එන සෙට් එක අඩු උනාම උන් ගොඩට ඇවිත් අපායට සෙනග අදින්න ප්‍රෝග්‍රෑම් දියත් කරනවා
ප්‍රභා -: ඒක නෙමේ මෙහෙට කොල් එකක් ආවා කිව්වේ කාගෙන්ද
කින්ග් යම -: ආ ඒ මේ අපේ ක්ලින්ටන් නෝනාගෙන් ඉන්න මං කෝල් එකක් අරං දෙන්න
( කින්ග් යම තමාගේ නොකියා 1100 එකෙන් ඇමරිකාවේ රාජ්ය ලේකම් කාර්යාලයට 3ජී ඩයල් කරයි )
ප්‍රභා -: හලෝ ක්ලින්ටන් නෝනා, කොහොමද සැප සනීප
ක්ලින්ටන් නෝනා -: හොදින් ඉන්නවා, ඔහේ තත්වේ කොහොමද
ප්‍රභා -: අපි සන්තෝශෙන් ඉන්නේ දුක සෝකය නෑදන්නේ අයියා මල්ලී වාගේ අයියා මල්ලී .............
( ප්‍රභා කින්ග් යමව බදාගෙන ගායනය කරයි. යම පල්ලියන් සහ යම පල්ලන් ඩී ජේ එකක් යැයි සිතා නටයි )
ක්ලින්ටන් නෝනා -: මම කෝල් කරේ අර මහින්දට බැන්ක් ලෝන් එක දෙන්නද කියලා අහන්න
ප්‍රභා -: ආ ඒක ඔහේ දීලා දාන්න, ඒකත් මගෙන්ම අහනවා නේද මගේ කුක්කු පැටියා
ක්ලින්ටන් නෝනා -: මගේ ඉලෙක්ශන් කැම්පේන් එකට සල්ලි දුන්නු හැටියට මගෙ ප්‍රභාගේ වචනෙට පිටින් යන්න පුලුවන්ද අපායට ගියත් අමතක කරන්නේ නෑ.
ප්‍රභා -: අපේ ක්ලින්ටන් මහත්තයා ඉන්නවැයි
ක්ලින්ටන් නෝනා -: අන්න මොනිකත් එක්ක ශොපින් ගියා
ප්‍රභා -: ඉතින් දුක නැද්ද?
ක්ලින්ටන් නෝනා -: මට මොකෑ මට බැරැක් ඉන්නේ. එහෙනම් මම තිබ්බා, බායි
ප්‍රභා -: චෙරියෝ ඩාලින්
කින්ග් යම -: අම්මට සිරි ප්‍රභාට මම හිතුවට වඩා බලගතු යාලුවෝ ඉන්නවා නොවෑ
ප්‍රභා -: ආය මොන කතාද? මම උන්ට සල්ලි දුන්න විදිහට අපායේ ඉද්දිත් මගෙ පස්සෙන් එනවා. හුක්කි හුක්කි හූ, ( ප්‍රභා සුපුරුදු හිනා හඩ දමයි ) මේ මෙකෙන් කෝල් ගන්න කොට ගොඩක් කැපෙනවද?
කින්ග් යම -: නෑ විනාඩියට ඔන්ලි 2 රුපීස්. හරිම සිම්පල් ප්ලෑන් එකක්
ප්‍රභා -: ආ එහෙනම් මම තව කෝල් එකක් ගන්නද?
කින්ග් යම -: ගන්න මස්සිනා ඕන තරම් ගන්න? අපායේ සියලුම දේටම මුදල් හම්බෙන්නේ ඔය කාලයක් තිස්සේ මෙහාට එවපු අයගෙන් ගන්න ටැක්ස් වලින්නේ?
( ප්‍රභා එංගලන්තේ විදේශ ලේකම් කාර්යාලයට ඩයල් කරයි )
ප්‍රභා -: ආ මිලිබෑන්ඩ් සහෝදරයා කොහොමද
මිලිබෑන්ඩ් -: ක්වීන් එලිසබෙත්ට හුඩු කිව්වලු මේ අපේ ඊයේ සෙත්තපොච්චි වෙච්ච ප්‍රභා ලොකු අයියා නොවෑ
ප්‍රභා -: ආ කටහඩ තාම අදුනන්න පුලුවන් එහෙනම්
මිලිබෑන්ඩ් -: මොකද බැරි මට මේ ලොකේ තිබ්බ එකම සරන නොවෑ මට සල්ලි බලය තිබ්බේ ඔබතුමා මෙහේ පදිංචියට එව්ව ඔබතුමාගේ නෑදැයන්ගෙන් නොවෑ. ලොකු අයියා කතා කලේ
ප්‍රභා -: ආ නෑ මේ නම්බර් එක දෙන්න
මිලිබෑන්ඩ් -: ආ එහෙනම් අපිට ඕන වෙලාවක කන්ටැක්ට් කරගන්න පුලුවන් වේවී. මම කුශ්නර්ටත් නම්බර් එක දෙන්නම්.
ප්‍රභා -: එහෙනම් අපි නැවතුනා
මිලිබෑන්ඩ් -: ඔකේ බොස්
( ප්‍රභා නෝර්වේ විදේශ ලේකම් කාර්යාලයට ඩයල් කරයි )
ප්‍රභා -: ආ සෝල්හයිම් කේසේද සැප සනීප
සෝල්හයිම් -: ආ ලොකු අයියා. හොද වෙලාවට කතා කලේ
ප්‍රභා -: ආ ඇයි ඒ?
සෝල්හයිම් -: පොඩි ප්ලෑන් එකක් තියෙනවා
ප්‍රභා -: මොකක්ද?
සෝල්හයිම් -: මිස්ටර් කින්ග් යම ලග ඉන්නවද?
ප්‍රභා -: ඔව්
සෝල්හයිම් -: ආ එහෙනම් පොඩ්ඩක් එහාට යනවද?
ප්‍රභා -: ආ හරි දැන් කියන්න
සෝල්හයිම් -: මට මේ දැන් ආරංචියක් ආවා අපායේ තෙල් තියෙනව කියලා
ප්‍රභා -: අම්මට උඩු ඇත්තද? ඉතින්
සෝල්හයිම් -: අපේ එන් ජී ඕ සෙට් එකයි යුරෝපා හව්ලයි ඇ.එ.ජ් දැන් රහස් සාකච්චාවක් තිබ්බා ඒකෙදි තීරනය කොරා ඔබතුමාට මුදල් දිලා අපායේ තෙල් නිදි තියෙන පැත්තේ ඊලම පිහිටුවන්න. කැමතිද?
ප්‍රභා -: කඩවඩේ මුන් මැරිලවත් මට ඉන්න දෙන්නේ නෑනේ.

පෙත්තා සහ සුද්දා

මේක මට ලැබිච්ච ඊමේල් එකක් සමහර විට ඔයගොල්ලන්ටත් ලැබෙන්න ඇති ඒක ෆොර්වර්ඩ් කරන්න කියලා තිබ්බේ ඒකේ යමක් හිතන්න තිබ්බ හින්දා බ්ලොග් එකේ දාන්න හිතුනා කියවලා බලලා මොකද හිතෙන්නේ කියලා කොමෙන්ට් එකක් දාලා යන්න.මට මේක ලැබිලා තිබ්බේ SLPUWATH@gmail.com ඊමේල් ඇඩ්‍රස් එකෙන්
මේ තියෙන්නේ ඒක යට තිබ්බ මොනවද වගයක් මට බැනලද දන්නේ නෑ හික් හික්.
--~--~---------~--~----~------------~-------~--~----~
**********************************************************************************
:::DISCLAIMER::: This e-mail olny for the Sri Lankans
This e-mail contains proprietary information some or all of which
may be legally privileged.
It is for the intended recipient only. If an addressing or transmission
error has misdirected this e-mail, please notify the author by
replying to this e-mail.
If you are not the intended recipient you must not use, disclose,
distribute, copy, print, or rely on this e-mail.
This message has been scanned for the presence of computer viruses.

Please consider the environment before printing this e-mail.
**********************************************************************************
-~----------~----~----~----~------~----~------~--~---

පෙත්තාගේ ප්‍රියතම දේශපාලනඥයා ( රචනය )

පෙත්තා ඊයේ නැදෑගෙදර ගියපු වෙලාවේ ඒ ගෙදර ඉන්න පොඩි එකාගේ පාසල් පොතක් දුටුවා. පොරනම් තාම 4 වසරේ පොත පුරා තිබ්බේ රචනා. මගේ රට, මගේ අම්මා, මගේ තාත්තා. මේක දැකපු පෙත්තාට පෙත්තාගේ ලමා කාලය මතක් උනා. හැබැයි පෙත්තට පොඩි කාලේ රචනා අරහං. රචනා විතරක් නෙමේ අකුරු ටිකක් වැඩිපුර ලියන්න තිබ්බොත් ඕන දෙයක් අරහං. ඒක හින්දා පොඩි කලේ කරපු නැති දෙයක් දැන්වත් කරන්න හිතාගෙන පෙත්තාගේ බ්ලොග් එකට රචනාවක් ලියන්න හිතුවා. දහ අතේ කල්පනා කරලා කරලා අන්තිමේදී මාතෘකාවක් හොයගත්තා. ඔන්න ඔය යට තියෙන්නේ ඒ රචනාව. කියවලා බලලා ලකුනු දෙන්නකො.

මාගේ ප්‍රියතම දේශපාලනඥයා

මාගේ ප්‍රියතම දේශපාලනඥයා කැලණියේ වැඩ සිටින අපගේ ගැමුනු කුමාරයයි. එතුමා ඉපිද ඇත්තේ රුහුනේ යැයි ඔහු පවසන අතර මටනම් ඒ ගැන එතරම් නිච්චියක් නැත. එතුමා පැවතගෙන එන්නේ ගැමුනු පරපුරෙන් යැයි ඔහු පැවසුවත් මට ඒ ගැන දැනුමක් නැත. මම ඒ ගැන අපගේ පියානන්ගෙන් විමසූකල ඔහු පැවසුවේ ගැමුනු පරපුරෙන් කෙසේවෙතත් කැකිල්ලේ පරපුරෙන් පැවත ඒමට බොහෝදුරට ඉඩකඩ ඇති බවයි. මට එම පරපුර ගැන එතරම් දැනුමක් නැතත් මා සිතන්නේ ඒ කැකිරාව පැත්තේ රජකම් කල පරපුරක් බවයි. ඒ අනුව මාගේ ප්‍රියතම දේශපාලනඥයා අපගේ පලාතෙන්ම පැවත්ගෙන ඒම මටද ආඩම්බරයකි. ඔහු තරම් මාද්යට ආදරය කරන දේශපාලනඥයකු මට මෙතෙක් මුන ගැසී නොමැත. මාදයපරපුර නිසිමගට ගැනීම සදහා ඔහු නිතරම මාද්යට ඔවදන් ලබාදේ. ඔහු එසේ ඔවදන් ලබා දෙන විට අපගේ අම්මා මාගේ කන වසන අතර මා සිතන්නේ එසේ කරන්නේ මා එවා ඇසීමෙන් තව තවත් පැහැදී ඔහු හමුවීමට යාමට පියාට කරදර කරයි යැයි සිතාගෙනය.
මහ පාරේදී පවා වාර්තාකරුවන් හමු වූවිට ඔවුන්ගේ හිස කන අතගා පියෙකුමෙන් ඔවුන්ට ඔවදන් ලබා දෙන අතරම විටක ඔවුන්ගේ කැමරා උපකරන මහපාරේදීම සුද්දපවිත්‍ර කරදීමටත් එසේ නොහකිනම් ගෙදර ගෙන ගොස් සුද්ද පවිත්‍ර කරදීමටත් පෙලඹේ. ඔහු වාර්තාකරුවන්ට කොතරම් ආදරය කරන්නෙක් දැයි කිවහොත් දිනක් අපගේ සැලලිහිනි නාලිකා පරිශ්‍රයට ගොස් එහි සේවකයන් සමග පියෙක් දරුවෙකු සමග හැසිරෙන්නාක් මෙන් හැසිරී තීන්ත වලින් පවා සෙල්ලම් කොට තීන්ත නාගෙන අවා මට මතකය. ඔහුව එම අවස්තාවේ එම ඔහුගේ දරුවන් මෙන් ආදරය කරන වාර්තාකරුවන්ගෙන් ඉවත් කරගැනීමට මාද්ය ඇමතිතුමාට පමනක් නොව ත්‍රිවිද හමුදාවටම පැමිනීමට සිදු විය.
ඔහු ආගමට දහමට කොතරම් ඇලුම් කරනවාද යත් අපගේ මහාරජානන් උත්තමයන්වන්සේ යන සෑම තැනකම ඔහුට යාමට ආරධනා කලත් මහජන සම්පත් ගැන සිතා එසේ නොගියේය නමුත් ඔහු එක පයින් බුරුමයට යාමට කමති වූයේ ඔහුගේ සිත තුල තිබෙන්නා වූ බුද්ධාලම්බන ප්‍රීතිය නිසා යැයි මට සිතේ.
ඔහු අපගේ දියවන්නාවිල මැද වලේ ප්‍රදාන සාමාජිකයෙකි. විපක්ශේ අය මා දන්නා තරමට ඔහු සමග වැඩි ඇයි හොදයියක් නැත්තේ ආන්ඩු පක්ශයේ දැවැන්ත ජයග්‍රහන පසුපස සිටින්නේ ඔහු නිසා විය යුතුය. මක් නිසාද යත් ඔහුගේ චරිතය ගැන මේ රටේ ජනතාව එතරම්ම පැහැදී සිටින නිසාත් ඔහු මෙම ආන්ඩුව නිසි මග රැගෙන යනු ඇතැයි ඔව්න් දැඩිසේ විශ්වාස කරන නිසාත්ය.
ඔහු තම භාර්යාවට කෙතරම් ආදරය කරනවාද යත් පසුගිය මහමැතිවරනය අවස්තාවේදී තමාගේ අපේක්ශකත්වය තම භාර්යාවට ලබාදීමට ක්‍රියා කලේය. මෙයට කාන්තා සංවිදාන වල දැඩි පැසසීමට ලක්විය යුතුව තිබුනත් මහමැතිවරන කාලයේදී ඔවුන්ට වැඩ වැඩි නිසා එය යට ගියේය. ඔහු කාන්තා විමුක්තියට ස්ත්‍රීත්වයට මව්පදවියට ගෞරවය දැක්වූයේ එලෙසය. නමුත් පසුව ඔහුට තම භාර්යාවගෙන් අනික් මැති ඇමති වරුන්ගෙන් සහ පක්ශ විපක්ශ භේදයකින් තොරව මහජනතාවගෙන් ඇතිවූ දැඩි බලපෑම මත නැවත දියවන්නා විල මැද වලට පත්වී සිටි තම බිරිද වෙනුවට එහි ගියේය.
මා දන්නා පරිදී එසේ දැඩි ඉල්ලීමක් පැමිනියේ ඔහු නැතිව දියවන්නාවිල මැද වල පාලු සොහොනක් මෙන් වන නිසාත් සහ ආන්ඩුව නිසිමග ගෙන යාමට පුද්ගලයෙකු නොමැති කම නිසාත්ය. එවකට සිටි අග්‍රාමාතයවරයා තම දියවන්නාවිල මැද වලේ සාමාජිකත්වය මෙතුමාට ලබාදීමට සූදානම් වුවත් මොහුගේ භාර්යාව ඊට ඉඩනුදුන්නේ ශාන්තුවරයෙක් මෙන් වන තම සැමියාට යුතුකම් ඉශ්ට කිරීම ඇයගේ වගකීම යැයි සිතාගෙන විය යුතුය.
ඔහු ආදර්ශවත් සැමියෙක් තවත් විටක ආදර්ශවත් පියෙක් මෙන් වන අතර තවත් විටක ගුරුවරයෙකි. මා මේ බව දැන ගත්තේ කැලණිය සරසවියේ සිසුන්ට සරසවිය අවට ප්‍රදේශවාසීන් සමග හැසිරීමට ඉගැන්වූ අවස්තාවෙදීය. එහිදී අපගේ සහෝදර බ්ලොග් කරුවකු පැවසූ ආකාරයට ඔහු සරසවියෙන් පිටත තිබූ ගල් මුල් සරසවි සිසුන්ට ලබා දී සරසවියේ යටිතල පහසුකම් නැංවීමටද උදවු කර ඇත. ඔහු එම අවස්තාවේදී ඔහු සරසවි සිසුන්ගේ ආරක්ශාව පතා කොලඹ නුවර මාර්ගයේ වාහන පවා නතර කරගෙන සිටි අතර රියදුරන් පවා මෙම සත්ගුනවත් ක්‍රියාවට ආශිර්වාද කර ඇත. අවසානයේදී සිසුන්ව බස් රත ගෙන්වා නිවෙස් වලට යැවීමට තරම් කාරුනික විය.
ඔහු දියවන්නාවිල මැද වලේ සිටින්න වූ චතුරම කතිකයා මෙන්ම අභීතම පුද්ගලයාද වේ. ඔහුගේ කතා වලට තරම් වෙන කෙනෙකුගේ කතා පිලිබදව අපගේ කතානායක තුමා වර්නනාකරනු මටනම් ඇසී නොමැත. අපගේ අම්මා එතුමා දියවන්නාවිල මැද වලේ කතා කරන විටද අම්මා මගේ කන වැසීම හෝ නිදාගන්න වෙලාව හරියැයි පවසයි. මා සිතන්නේ ඒ 71 88 වකවානුව මෙන් මා ඔහුගේ කතා අසා සමාජ අසාදාරනයට එරෙහිව නැගීසිටින්නෙකු හෝ රහතන් වහන්සේ නමක් වනු ඇති‍යැයි අපගේ මවගේ සිත තුල තිබෙන්න වූ බිය නිසා විය යුතුය.
මෙතුමාගේ කතා හැන්සාඩ් වාර්තාවේ පල නොකරන්නයැයි කතානායක පවසා සිටින්නේ ඔහු විපක්ශයේ නිස ඇතිවන්නා වූ කුහක කම නිසා විය යුතුය. මා සිතන ආකාරයට එතුමාගේ කතා පැය 24ම රූපවාහිනී නාලිකාවල සහ ගුවන් විදුලි නාලිකාවල විකාශය කොට රට අවදි කල යුතුය. තවද මාගේ ප්‍රදාන බලාපොරොත්තුවනම් එතුමා ලබන ජනාධිපතිවරනයට ඉදිරිපත් වනු දැකීමයි. ඔහු හැරෙන්න එම තනතුරට සුදුස්සකු මෙලොව නැතිතරම්ය. ඔහු පසුගිය ජගත් සංවිදානයේ ලේකම් තනතුරට තරග කරනු ඇති ‍යැයි මා තුල දැඩි විශ්වාසයක් තිබූ නමුදු ඔහු එසේ නොකරන්නට ඇත්තේ තවදුරටත් මේ රටට සේවය කිරීමේ පහන් සිතුවිල්ල ඇතිව විය යුතුය. තව බොහෝ දේ ලියන්න ඇතිමුත් කීබෝඩ් එක ගැන දුක නිසා මෙතනින් නවතිමි.
මගේ ගැමුනු කුමාරයාට ජනාධිපතිබව ලැබේවා.

කියවලා හොදනම් කොමෙන්ට් එකක් දාලා ලකුනු නොදීයන්න අමතක කරන්න එපා


පෙත්තාගේ බණ - බ්ලොග් ලියන්නන්ට සහ කියවන්නන්ට

පෙත්තා බ්ලොග් ලියන්න අලුත් උනාට කියවන්නනම් පුරුදු වෙලා හෙන කල් . ලගකදී ඉදලා පෙත්තාට පෙනී ගියපු දෙයක් තමා අපේ සිංහල බ්ලොග් කරුවන් කිහිප දෙනෙක් එක එකාට බැන ගැනීම ආරම්භ කරලා කියලා. අනේ ඇයි සහෝදරයනි මේ වලි. පෙත්තා වගේ හැමොම සමග සමගියෙන් සහයෝගයෙන් ඉන්නකෝ. කවුරූ කාගේ පෝස්ට් හොරකං කරත් මොකද? අපි මේ බ්ලොග් ලියන්නේ සල්ලි හොයන්න ඈ. අනික දකින අය දකිනවා. අනික් දෙය තමා මෙවැනි වැරදි කෙනෙක් පෙන්වා දුන්නහම ඒ පුද්ගලයාට නින්දිත විදිහට බැනීම සිදු නොකර සිටිනවානම් හොදයි. කවුද වැරදි කවුද හරි කියලා පාටකයා තීරනය කරයි.
පෙත්තා මේ අන්තර්ජාලයට ඉතා පරන පුද්ගලයකු නිසා දන්නවා ජීවිතයේ පමනක් නෙවේ අන්තර්ජාලයෙදීත් සමගිය බොහෝම වටිනවා කියලා. මොකද පෙත්තට වුනත් අවුරුදු 3 න 4 කට කලින් කියවන්න සිංහල සයිට් තිබ්බෙ අතේ ඇගිලි ගානටත් අඩුවෙන්. ඒත් දැන් සිංහලෙන් කියවන්න නම් සයිට් කීයක්නම් තියනවද?. ඔයගොල්ලොම කල්පනා කරන්න. ඒවාගෙන් 90% පමන බ්ලොග් කීවොත් මම හිතන්නේ මම හරි. අපේ සමහර අය ඒකට ගෞරවය පුදකරන්නේ බ්ලොග් ලබාදෙන වර්ඩ්ප්‍රෙස් බ්ලොගර් වැනි ආයතන වලට. පෙත්තා ඒවායේ දායකත්වය අඩු තක්සේරු කරනවා නොවේ. අපේ අය බ්ලොග් ලියන්නේ නැතිනම් තමන්ගේ අදහස් හුවමාරුකරගන්න කැමති නැත්නම් විශේශයෙන්ම තමාගේ දැනුම අනෙක් අයට ලබා දෙන්න අකමැතිනම්. අනික් අතට ඒවා කියවන්න ෆලෝ කරන්න කොමෙන්ට් දාන්න කට්ටිය නැත්නම් ඇති වැඩේ මොකක්ද?. ඒක නිසා ඔයගොල්ලන්ටම තේරෙනවා ඇති මෙහි ගෞරවය බාගෙට බාගේ ලිපිපල කරන්නන් හා කියවන්නන් අතරේ බෙදී යන බව. ඉතින් අපි අතරේ සමගිය නැතිනම් කොහොමද මේ එකක්වත් කරන්නේ.
ලිපි කොපිකරන අයත් මතක තබාගත යුතුකරුනක් තිබෙනවා ඒවා අමු අමුවේ කොපිකරනවා වෙනුවට අදාල කතෘට නිසි තැන ලබා දීමට කටයුතු කරනවානම් හොදයි. මොකද ඔයගොල්ලොත් කවදා හරි බ්ලොග් ලිව්වොත් තේරෙයි බ්ලොග් එකක් කොපිකරලා තියෙද්දි ඇතිවන දුක. මොකද ඒක ලියන්න වෙන මහන්සිය දන්නේ එම ලිපිය ලියන පුද්ගලයාම පමනයි. විශේශයෙන්ම සිංහල බ්ලොග් කරුවන් අතරින් බහුතරය පෙත්තාට පෙනී ගිය ආකාරයට විවිද ආකාරයේ සිසුන්, ආයතන වල සේවය කරන්නන් හා විදේශගත ශ්‍රී ලංකිකයන්ය. ඉති තමන්ට හමුවන සුලු විවේකයෙදි ලියන ලිපිය කොපි කිරීම මගින් ඇතිවන තත්වය ඔබම තේරුම් ගන්න.
ඔවුන්ට ලිපි කොපි කිරීමට සිදුවනුයේ කුමක් හො හේතුවක් මතය. ( උදාහරනයක් ලෙස සිංහල ටයිප් කිරීමේ ඇති අපහසුව ). මා සිතන ආකාරයට එවැනි දේ ගැන ලිපි ලියන්නන්ගෙන් උදවුවක් ඉල්ලුවොත් ඔවුන් එය නොකර සිටීවීයැයි සිතීමට අපහසුය.මෙහිදී ලිපි පල කරන්නන්ද මෙවැනි අයට උදවුකිරීම මා සිතන ආකාරයට මෙමගින් මෙම ගැටලුවට යම් පිලිතුරක් ලබාගත හැක. මෙහිදී තවත් දෙයක් සිහිපත්කරන්නට කැමතිය සමහර බ්ලොග් කරුවන් තමන් දැන සිටින දෙය කාටවත නොකියා සිට තමන් වැඩකරු යැයි පෙන්වීමට උත්සාහ දරයි. එසේ නොකර සියලු දෙනා සමග දැනුම බෙදා ගැනීම තමාට මෙන්ම සියලු දෙනාට කරන උපකාරයකි. මෙහිදී සිංහල බ්ලොග් සංසදය කරන කාර්යභාරය පැසසිය යුතුය. නමුත් ඔවුන්ද මීට වඩා බ්ලොග්කරුවන් අතරට පැමින ඔවුන්ට උදවු කරනවානම් වටිනේය විශේශයෙන්ම නවකයන්ට. නමුත් මෙයද කිවයුතුය සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය ආරම්භ කිරීමම ඉතා අගනා කටයුත්තකි.
මෙසේ කටයුතු කර අන්තර්ජාලයේ සිංහල අන්තර්ගතය වැඩි කරගතහොත් අපිට සැලසෙන වාසිය මා අමුතුවෙන් විස්තර කල යුතු නොවේ. එයට වෙන වෙන මහා පරිමාන සැලසුම් අවශය නොවේ. නවකයන්ට උපකාර කිරීම හා එකිනෙකා සමගියෙන් කටයුතු කිරීමම ප්‍රමානවත්ය. අපි අනිවාර්යයෙන්ම මෙය කල යුතු වේ මක් නිසාද අපි සියලු දෙනාම ශ්‍රීලාංකිකයන් වන නිසාය.

කියවලා කොමෙන්ට්ස් 1ක් දාලා යන්න ඒක ඔයගොල්ලන්ගේ අදහස් ගැන දැනගන්න උදව් වේවි.

අහිංසක කේ පී වහා නිදහස් කරනු

පෙත්තා කේ පී ගේ පාපොච්චාරනය අනාවරනය කිරීමෙන් දින කීපයකට පසු ඇස් වාට්ටුව හන්දියේදී.

ප්‍රාඩෝ, මොන්ටේරෝ, මයික්‍රෝ, මයිනර් ආදී අති සුඛෝපබෝගී වාහන රැසක් ඇස් වාට්ටුව හන්දියේ නවතී. ඉන් කලු මුඛවාඩම් බැදගත් පිරිසක් කඩි මුඩියේ බැසගනී. ඉන් පසු මුඛවාඩම් බැදනොගත් අපේ අවමංගල උතුමා ඉන් බැසගනී.
එසැනනින්ම අපේ හිස්ටීවී (ඔලුටීවී කියද කියති ) නාලිකාවන්ද පැමිනේ. ඉන්පසු සියලු දෙනාම වැඩිය හුරුනැති වුනත් බෝඩ් ලෑලි වගයක් උස්සන් කෑ ගසමින් ඉදිරියට ගමන් ගනී.
පෙත්තාටත් ඕන්නැති මගුලක් නෑනේ ඒකටත් හොට දාලා බැලුවා මොනවද තියෙන්නෙ කියලා.
බෝඩ් ලෑලිවල තිබූ දේවල් දැක පෙත්තා පුදුම නොව්නත් ( ඇත්ත තත්වය ලොවට දැනුම් දීමට මූලික වූ නිසා) වටේ සිටි කශ්ටිය පුදුමෙන් මෙන් බලා සිටි නිසා මාද බොරුවට පුදුම විය.

අහිංසක කේ පී වහා නිදහස් කරනු
ජීවිතය පරදුවට තබා නංගීව/මල්ලිව බේරා ගත් කේ පී වීරයෙකි
මනුශ‍යත්වයේ ප්‍රතිමූර්තිය කේ පී නිදහස් කරනු
කේ පී ගේ මානව හිමිකම් සුරකිනු
පත්තර වලට ලිපි ලියූ මාදයවේදී කේ පී නිදහස් කරනු

රටට ඇත්ත කියූ පෙත්තාට අපගේ උපහාරය

මේ ඉහත දැක්වූයේ එම බෝඩ්ලෑලි වල තිබූ සටන් පාට කිහිපයකි. ඔබට එම අවස්ථාවෙදී අවමංගල තුමා ගැන පෙත්තාගේ හිතේ ඇති වූයේ මේ වාගේ මිනිසුන් සිටිනා වූ රටක ඉපදීමට ලැබීමත් වාසනාවක් යන්නයි. ඔන්න ඉතින් අපගේ අවමංගල තුමා සමග එම රැලිය කිලෝමීටර් 0.00005ක් පමන ඉදිරියට ගොස් ඇත්වූ මහන්සිය නිසා කුලු හරක් මෙන් හති ලමින් බිමම වාඩි විය. මෙසේ බිමම වාඩී වූයේ අපට පේන්නද, ඉදගන්න වෙන තැනක් නොතිබූ නිසාද යන්න පෙත්තාට අවබෝධ කර ගත නොහැකි විය. මක් නිසාද යත් ලෝක ගේම් කාරයෙක් වන අවමංගල තුමා සමග සැසදීමේදී පෙත්තාගේ මොලය බැක්ටීරියාවක් පමන වන හෙයිනි.
ඒත් සමගම අපගේ හිස්ටීවී නාලිකාවේ මයික් එක අවමංගල තුමාගේ මුවට ලංවිය. ඒත් සමගම අපගේ අවමංගල තුමා තිබ්බ තිබහට අයිස් ක්‍රීම් එකක් යැයි සිතා එය ලෙවකාගෙන ලෙවකාගෙන ගියහ. ඒත් සමගම අපේ හිස්ටීවී නාලිකාවේ කොලුවා හරි අමාරුවෙන් මයික් එක ගලවාගන්නා අතරේ පෙත්තා විසින් මහත්පල මහානිශංශ පතාගෙන අවමංගල තුමාට අයිස් පලමක් ලබා දුනි.
එම අයිස් පලම කා ඉවර කල අපගේ අවමංගල තුමා තමාගෙ අදහස් දැක්වීම ඇරඹීය.
" මාගේ දේශප්‍රේමී ජනතාවෙනි මාගේ දේශප්‍රේමී සගයනි ඔබ සියලු දෙනා දන්නා පරිදි මෙම ජනතා විරෝධී ආන්ඩුව දැන් දැන් මේ රට තුල පමනක් නොව විදේශයන්ගේ පවා තම අදිසි හස්තය ක්‍රියාත්මක කිරීමට පටන් ගෙන. ඔබ තුමන්ලා දැනටමත් දන්නා පරිදි අර කිරිසප්(ර්)පයකු මෙන් සිටි කේ පී අත්ඩංගුවට ගෙන රදවාතබාගෙන කුචුකවමින් සිටිනවා. මෙය ජනතාවාදී ආන්ඩුවකට වටිනා ක්‍රියාවක්ද?. එල්ටීටීඊ තර්ජන වලට බියෙන් යුරෝපයේ වීදිවල හිගා කා එම සංවිදානයට මුදල් එවීමට ක්‍රියා කලා. ඒ ත්‍රස්තවාදී අදහසින් නොව තමන්ගේ ජීවිතයට තිබූ බියෙන්. තමාගේ නංගී ( මල්ලිද නංගිද? ලග සිටින්නෙකුගෙන් අසයි ) බේරා ගැනීම උදෙසා තම ජීවිතය මෙම පුද්ගලය සංවිදානයට කැප කලා. ( හොටු පෙරාගෙන අඩමින් ) ඔබ වුනත් එසේ කරන්නේ නැද්ද. මෙම කිරිසප්(ර්‍)පයාගේ විනෝදාංශය ලෙස කර ඇත්තේ ගමන් බලපත්‍ර එකතු කිරීමයි. අද ආන්ඩුව මෙම කිරිසප්(ර්‍)පයාගේ මෙන ක්‍රියාව වැරදියට දකිනවා. මෙය හරියට අර වෙබ් අඩවි තහනම් කලා වගේ වැඩක්. අනාගතේදී අපට විනෝදාංශත් තහනම් වේවි. එම නිසා මම කියන්නේ වහාම කේ පී නිදහස් කරනු. අපේ මනුශයත්වයේ ප්‍රතිමූර්තිය රැකගමු (අවමංගල තුමාගේ කතාවෙන් උදම් වූ පිරිවර හයියෙන් අත්පුඩි ගසයි )"
ඒත් සමගම එතනට අමුත්තෙක් පැමිනෙයි. එතුමා අපේ සැමදා විපක්ශේ නායකතුමානන්වන අනාගන්න තුමාය. ඔහු පැමිනෙනවාත් සමගම අපගේ හිස්ටීවී නාලිකාවේ මයික්‍රෆොනය ඔහු වෙත යොමු විය. හිස් ටීවී නාලිකාවේ නිවේදක තුමා කේපී අත් අත් අඩංගුවට ගැනීම පිලිබද කුමක් සිතන්නේදැයි විමසීය.
" මට ඔය ඉන්නේ කේපී ද කියා ඩී එන් ඒ පරික්ශාවක් කිරීමට අපට ඉඩ දිය යුතුයි. මක් නිසාද යත් ඌව චන්දය නිසා ආන්ඩුව වෙනත් කෙනෙක් කේපී යැයි කියනවා වෙන්න පුලුවන්. ඒ ගැන දැනගන්න ජනතාවට අයිතියක් තියනවා.ආන්ඩුව කියන විදිහට ඇත්තටම ඔය ඉන්නේ කේ පී නම් වහාම පඩි වැඩි කල යුතුයි. තෙල් මිල අඩු කල යුතුයි.............." ඒත් සමගම ඉතුරු ටික කියන්න නොදී සැමදා විපක්ශේ කශ්ටිය අනාගන්න තුමාව වාහනයට දමාගෙන ලෙල්ලට පෑගිය. මෙය පෙත්තාට සෑහෙන ගැටලුවකි මෙච්චර පබ්ලිසිට් ගන්න තිබ්බ වෙලාවක සැමදා විපක්ශෙ කශ්ටිය මෙසේ කලේ ඇයි.

ඔන්න ඉතින් පෙත්තට මාර හැපි. පහුගිය ලිපියට ප්‍රතිචාර ගොඩයි. දැඩි ප්‍රේක්ශක ඉල්ලීම මත දෙවනි කොටසත් ලියන්න හිතුවා. ( අපේ රූපවාහිනි නාලිකාවල කවුරුවත් ඉල්ලන්නේ නැතුව මෙලෝ රහක් නැති සමහර වැඩසටහන් දෙවනි පාර දාද්දි කියන්නෙ දැඩි ප්‍රේක්ශක ප්‍රතිචාරය මත ආයෙත් පෙන්වනවා කියලනේ. හැබැයි ඉතින් පෙත්තටනම් එක ඉල්ලීමක් ආවා ඩ්‍රැගන් ඩීගෙන්)

කේ පී රහස් පොලිසීයේ 4වන තට්ටුවෙදී

රාලහාමි-: තමාගේ නම?
කේ පී-: කුමාරන් පද්මනාදන්
රාලහාමි-: උපන්නෙ?
කේ පී-: යාපනේ
රාලහාමි-: එල්ටීටීඊ එකට එකතු වුනේ කොහොමද?
කේ පී-: අනේ සර් මම කවදාවත් එල්ටීටීඊ එකට එකතු උනේ නෑ
රාලහාමි-: මොනවා එහෙනම් එල්ටීටීඊ එකට සල්ලි එකතු කරලා එව්වෙ?
කේ පී-: අනේ එහෙම එව්වා තමා අයියා ඒ නොකර බැරිකමට
රාලහාමි-: ඇයි නොකර බැරි වුනේ?
කේ පී-: (හඩමින්) මම හොදට ඉගෙන ගනිමින් හොද පවුල් පරිසරයක හැදි වැඩුනු ලමයෙක්
රාලහාමි-: ආ ඇත්තද?
කේ පී-: එක දවසක් මහා රාත්රිුයේ මම පාඩම් කරකර ඉද්දි එල්ටීටීඊ සාමාජිකයන් අපේ ගෙදට්ට ආවා. ඇවිත් මාව ඇහුවා ඒ වෙනකොට අපේ අම්මා මාව ගෙදර කක්කුස්සි වලේ හංගලා තිබ්බේ. බොරුනම් මේ බලන්න අයියා තාම ගදයි.
රාලහාමි-: ඔයවෙනකොට තමාට වයස කීයද?
කේ පී-: 22ක් විතර ඇති
හ්ම්ම් කියමු බලන්න ඉතුරු ටික
කේ පී-: එතකොට අපේ ගෙදර මගේ මල්ලි හිටියා ඒ පොඩි එකාට අවුරුදු 12යි. ඉතින් එල්ටීටීඊ එක ඒ මල්ලිව මම වෙනුවට අරගෙන යන්න හැදුවා. අයියෝ මට තාම ඒ මල්ලිගෙ මූන මැවිලා පේනවා අයියෝ කඩවඩේ. ඉතින් හැදිච්චි පවුලක ලමයෙක් වන මම මගේ මල්ලිව අරගෙන යනවා බලන් ඉන්නෙ කොහොමද?.
රාලහාමි-: අපගේ බුද්ධ් අංශ සදහන් කරන විදිහට ඔබට මල්ලි කෙනෙක් සිට නෑ
කේ පී-: ආ ඇත්තද? සමාවෙන්න සර්, මට පැටලුනා ඒ මගෙ නංගි. ඉතින් සර් මම හිතට හයිය අරගෙන එල්ටීටී එකට ගිහින් බාර වුනා. උන් මට තුවක්කුවෙන් එකක් ගහපු ගමන් මට සිහිනැති වුනා. නැගිටලා බලද්දි මම හිටියෙ කොටි කදවුරක. වටේටම කම්බිගහලා පැනලා යන්න බැරිවෙන විදිහට. ඔය අතරේ අපේ නායකයා මා ලගට ඇවිත් කිව්වා අපගේ අරගලයට ඔබගේ සහය අවශයයි ඒ නිසා කැපවීමෙන් වැඩ කරන්න කියලා. ඉතින් සර් මම දැනගෙන හිටියා මම පැනලා ගියොත් මුන් මගේ මල්ලිව ආ සමාවෙන්න නංගිව අරන් එන බව ඉතින් මම අකමැත්තෙන්ම සංවිධානයට වැඩ කලා.
රාලහාමි-: එතකොට ඔබ විදේශගතවන්නේ?
කේ පී-: මම නිතරම අපේ නායකයාට කියා සිටියා මෙම ගැටලුවට පිලිතුරු යුද්ධයෙන් ලබාගන්න බෑ කියලා. ඉතින් ඒ නිසාම මම සංවිදානයට හොරෙන් රට ගියා. ගිහින් හැංගිලා ඉන්නකොට එල්ටීටීඊ සාමාජිකයකුට මාව අසු වුනා. ඊට පස්සේ අපේ නායකයා මට තර්ජනය කලා විදේශ වල ඉදන් සංවිදානයට මුදල් එවන්න කියලා නැත්නම් කුචුකවනවා කිව්වා. ඉතින් මම බයටම සල්ලි එවුවා.
රාලහාමි-: හරි පව් (කදුලු පිස දමමින්)
රාලහාමි-: එතකොට ඇයි ප්රතභාකරන් සෙත්තපොච්චි වුනාට පස්සේ අපිට භාර වුනේ නැත්තේ?
කේ පී-: මම හැංගිමුත්තම් කරන්න හරි ආසයි ඒකයි (හුරතල් වෙමින්)
රාලහාමි-: අපිට ඔබගේ ගමන් මලුවේ තිබිලා ගමන් බලපත්ර 250 ක් පමන හමු වුනා?
කේ පී-: ආ ඒ මගේ විනොදාංශය පාස්පෝට් එකතු කිරීම

පහත දැක්වෙනුයේ කේ පී අල්ලාගත් පසු රහස් පොලිසීයේ 4වන තට්ටුවෙදී පොලිසිය කුචුකවා ප්රනශ්න කිරීමේදී පිලිතුරු දෙතැයි පෙත්තා සිතන ආකාරයයි.

මම හදවතින්ම ශ්‍රී ලාංකිකයෙක්

මම හදවතින්ම ශ්‍රී ලාංකිකයෙක්

පෙත්තාගේ ඉල්ලීම

පෙත්තාට හිතුනා පෙත්තාගේ බ්ලොග් එකට පොඩි පබ්ලිසිටියක් දාන්න ඒකට මට බ්ලොග් සගයන්ගෙන් පොඩි උදව්වක් ඕනේ. මේ අහිංසක පෙත්තවත් ඔයගොල්ලන්ගේ බ්ලොග් රෝල් එකට දාගන්නවාද පෙත්තත් ලෝබ නැතුව ඔයගොල්ලන්ගේ බ්ලොග් එකත් මගේ බ්ලො රෝල් එකේ දාන්නම්.

ටෙලි කතා අඩවිය නවතම ලිපි

පෙත්තාගේ යාලුවො

පෙත්තාගේ උපහාර පැකේජය

පෙත්තාගේ බ්ලොග් කැදැල්ල වෙත ඔබගේ ප්‍රතිචාර දැක්වීම පිලිබදව සහ එහි සාමජිකයකු ලෙස ඇතුලත්විම පිලිබදව ඔබ සැමට මාගේ උත්තමාචාරය. දරුනු වැඩිද මෙන්න කෙටියෙන් තෑන්ක්ස් මචාලා මචීලා.

ආපු ගාන සහ ඉන්න ගාන

free counters