පෙත්තා ඊයේ නැදෑගෙදර ගියපු වෙලාවේ ඒ ගෙදර ඉන්න පොඩි එකාගේ පාසල් පොතක් දුටුවා. පොරනම් තාම 4 වසරේ පොත පුරා තිබ්බේ රචනා. මගේ රට, මගේ අම්මා, මගේ තාත්තා. මේක දැකපු පෙත්තාට පෙත්තාගේ ලමා කාලය මතක් උනා. හැබැයි පෙත්තට පොඩි කාලේ රචනා අරහං. රචනා විතරක් නෙමේ අකුරු ටිකක් වැඩිපුර ලියන්න තිබ්බොත් ඕන දෙයක් අරහං. ඒක හින්දා පොඩි කලේ කරපු නැති දෙයක් දැන්වත් කරන්න හිතාගෙන පෙත්තාගේ බ්ලොග් එකට රචනාවක් ලියන්න හිතුවා. දහ අතේ කල්පනා කරලා කරලා අන්තිමේදී මාතෘකාවක් හොයගත්තා. ඔන්න ඔය යට තියෙන්නේ ඒ රචනාව. කියවලා බලලා ලකුනු දෙන්නකො.
මාගේ ප්රියතම දේශපාලනඥයා
මාගේ ප්රියතම දේශපාලනඥයා කැලණියේ වැඩ සිටින අපගේ ගැමුනු කුමාරයයි. එතුමා ඉපිද ඇත්තේ රුහුනේ යැයි ඔහු පවසන අතර මටනම් ඒ ගැන එතරම් නිච්චියක් නැත. එතුමා පැවතගෙන එන්නේ ගැමුනු පරපුරෙන් යැයි ඔහු පැවසුවත් මට ඒ ගැන දැනුමක් නැත. මම ඒ ගැන අපගේ පියානන්ගෙන් විමසූකල ඔහු පැවසුවේ ගැමුනු පරපුරෙන් කෙසේවෙතත් කැකිල්ලේ පරපුරෙන් පැවත ඒමට බොහෝදුරට ඉඩකඩ ඇති බවයි. මට එම පරපුර ගැන එතරම් දැනුමක් නැතත් මා සිතන්නේ ඒ කැකිරාව පැත්තේ රජකම් කල පරපුරක් බවයි. ඒ අනුව මාගේ ප්රියතම දේශපාලනඥයා අපගේ පලාතෙන්ම පැවත්ගෙන ඒම මටද ආඩම්බරයකි. ඔහු තරම් මාද්යට ආදරය කරන දේශපාලනඥයකු මට මෙතෙක් මුන ගැසී නොමැත. මාදයපරපුර නිසිමගට ගැනීම සදහා ඔහු නිතරම මාද්යට ඔවදන් ලබාදේ. ඔහු එසේ ඔවදන් ලබා දෙන විට අපගේ අම්මා මාගේ කන වසන අතර මා සිතන්නේ එසේ කරන්නේ මා එවා ඇසීමෙන් තව තවත් පැහැදී ඔහු හමුවීමට යාමට පියාට කරදර කරයි යැයි සිතාගෙනය.
මහ පාරේදී පවා වාර්තාකරුවන් හමු වූවිට ඔවුන්ගේ හිස කන අතගා පියෙකුමෙන් ඔවුන්ට ඔවදන් ලබා දෙන අතරම විටක ඔවුන්ගේ කැමරා උපකරන මහපාරේදීම සුද්දපවිත්ර කරදීමටත් එසේ නොහකිනම් ගෙදර ගෙන ගොස් සුද්ද පවිත්ර කරදීමටත් පෙලඹේ. ඔහු වාර්තාකරුවන්ට කොතරම් ආදරය කරන්නෙක් දැයි කිවහොත් දිනක් අපගේ සැලලිහිනි නාලිකා පරිශ්රයට ගොස් එහි සේවකයන් සමග පියෙක් දරුවෙකු සමග හැසිරෙන්නාක් මෙන් හැසිරී තීන්ත වලින් පවා සෙල්ලම් කොට තීන්ත නාගෙන අවා මට මතකය. ඔහුව එම අවස්තාවේ එම ඔහුගේ දරුවන් මෙන් ආදරය කරන වාර්තාකරුවන්ගෙන් ඉවත් කරගැනීමට මාද්ය ඇමතිතුමාට පමනක් නොව ත්රිවිද හමුදාවටම පැමිනීමට සිදු විය.
ඔහු ආගමට දහමට කොතරම් ඇලුම් කරනවාද යත් අපගේ මහාරජානන් උත්තමයන්වන්සේ යන සෑම තැනකම ඔහුට යාමට ආරධනා කලත් මහජන සම්පත් ගැන සිතා එසේ නොගියේය නමුත් ඔහු එක පයින් බුරුමයට යාමට කමති වූයේ ඔහුගේ සිත තුල තිබෙන්නා වූ බුද්ධාලම්බන ප්රීතිය නිසා යැයි මට සිතේ.
ඔහු අපගේ දියවන්නාවිල මැද වලේ ප්රදාන සාමාජිකයෙකි. විපක්ශේ අය මා දන්නා තරමට ඔහු සමග වැඩි ඇයි හොදයියක් නැත්තේ ආන්ඩු පක්ශයේ දැවැන්ත ජයග්රහන පසුපස සිටින්නේ ඔහු නිසා විය යුතුය. මක් නිසාද යත් ඔහුගේ චරිතය ගැන මේ රටේ ජනතාව එතරම්ම පැහැදී සිටින නිසාත් ඔහු මෙම ආන්ඩුව නිසි මග රැගෙන යනු ඇතැයි ඔව්න් දැඩිසේ විශ්වාස කරන නිසාත්ය.
ඔහු තම භාර්යාවට කෙතරම් ආදරය කරනවාද යත් පසුගිය මහමැතිවරනය අවස්තාවේදී තමාගේ අපේක්ශකත්වය තම භාර්යාවට ලබාදීමට ක්රියා කලේය. මෙයට කාන්තා සංවිදාන වල දැඩි පැසසීමට ලක්විය යුතුව තිබුනත් මහමැතිවරන කාලයේදී ඔවුන්ට වැඩ වැඩි නිසා එය යට ගියේය. ඔහු කාන්තා විමුක්තියට ස්ත්රීත්වයට මව්පදවියට ගෞරවය දැක්වූයේ එලෙසය. නමුත් පසුව ඔහුට තම භාර්යාවගෙන් අනික් මැති ඇමති වරුන්ගෙන් සහ පක්ශ විපක්ශ භේදයකින් තොරව මහජනතාවගෙන් ඇතිවූ දැඩි බලපෑම මත නැවත දියවන්නා විල මැද වලට පත්වී සිටි තම බිරිද වෙනුවට එහි ගියේය.
මා දන්නා පරිදී එසේ දැඩි ඉල්ලීමක් පැමිනියේ ඔහු නැතිව දියවන්නාවිල මැද වල පාලු සොහොනක් මෙන් වන නිසාත් සහ ආන්ඩුව නිසිමග ගෙන යාමට පුද්ගලයෙකු නොමැති කම නිසාත්ය. එවකට සිටි අග්රාමාතයවරයා තම දියවන්නාවිල මැද වලේ සාමාජිකත්වය මෙතුමාට ලබාදීමට සූදානම් වුවත් මොහුගේ භාර්යාව ඊට ඉඩනුදුන්නේ ශාන්තුවරයෙක් මෙන් වන තම සැමියාට යුතුකම් ඉශ්ට කිරීම ඇයගේ වගකීම යැයි සිතාගෙන විය යුතුය.
ඔහු ආදර්ශවත් සැමියෙක් තවත් විටක ආදර්ශවත් පියෙක් මෙන් වන අතර තවත් විටක ගුරුවරයෙකි. මා මේ බව දැන ගත්තේ කැලණිය සරසවියේ සිසුන්ට සරසවිය අවට ප්රදේශවාසීන් සමග හැසිරීමට ඉගැන්වූ අවස්තාවෙදීය. එහිදී අපගේ සහෝදර බ්ලොග් කරුවකු පැවසූ ආකාරයට ඔහු සරසවියෙන් පිටත තිබූ ගල් මුල් සරසවි සිසුන්ට ලබා දී සරසවියේ යටිතල පහසුකම් නැංවීමටද උදවු කර ඇත. ඔහු එම අවස්තාවේදී ඔහු සරසවි සිසුන්ගේ ආරක්ශාව පතා කොලඹ නුවර මාර්ගයේ වාහන පවා නතර කරගෙන සිටි අතර රියදුරන් පවා මෙම සත්ගුනවත් ක්රියාවට ආශිර්වාද කර ඇත. අවසානයේදී සිසුන්ව බස් රත ගෙන්වා නිවෙස් වලට යැවීමට තරම් කාරුනික විය.
ඔහු දියවන්නාවිල මැද වලේ සිටින්න වූ චතුරම කතිකයා මෙන්ම අභීතම පුද්ගලයාද වේ. ඔහුගේ කතා වලට තරම් වෙන කෙනෙකුගේ කතා පිලිබදව අපගේ කතානායක තුමා වර්නනාකරනු මටනම් ඇසී නොමැත. අපගේ අම්මා එතුමා දියවන්නාවිල මැද වලේ කතා කරන විටද අම්මා මගේ කන වැසීම හෝ නිදාගන්න වෙලාව හරියැයි පවසයි. මා සිතන්නේ ඒ 71 88 වකවානුව මෙන් මා ඔහුගේ කතා අසා සමාජ අසාදාරනයට එරෙහිව නැගීසිටින්නෙකු හෝ රහතන් වහන්සේ නමක් වනු ඇතියැයි අපගේ මවගේ සිත තුල තිබෙන්න වූ බිය නිසා විය යුතුය.
මෙතුමාගේ කතා හැන්සාඩ් වාර්තාවේ පල නොකරන්නයැයි කතානායක පවසා සිටින්නේ ඔහු විපක්ශයේ නිස ඇතිවන්නා වූ කුහක කම නිසා විය යුතුය. මා සිතන ආකාරයට එතුමාගේ කතා පැය 24ම රූපවාහිනී නාලිකාවල සහ ගුවන් විදුලි නාලිකාවල විකාශය කොට රට අවදි කල යුතුය. තවද මාගේ ප්රදාන බලාපොරොත්තුවනම් එතුමා ලබන ජනාධිපතිවරනයට ඉදිරිපත් වනු දැකීමයි. ඔහු හැරෙන්න එම තනතුරට සුදුස්සකු මෙලොව නැතිතරම්ය. ඔහු පසුගිය ජගත් සංවිදානයේ ලේකම් තනතුරට තරග කරනු ඇති යැයි මා තුල දැඩි විශ්වාසයක් තිබූ නමුදු ඔහු එසේ නොකරන්නට ඇත්තේ තවදුරටත් මේ රටට සේවය කිරීමේ පහන් සිතුවිල්ල ඇතිව විය යුතුය. තව බොහෝ දේ ලියන්න ඇතිමුත් කීබෝඩ් එක ගැන දුක නිසා මෙතනින් නවතිමි.

මගේ ගැමුනු කුමාරයාට ජනාධිපතිබව ලැබේවා.
කියවලා හොදනම් කොමෙන්ට් එකක් දාලා ලකුනු නොදීයන්න අමතක කරන්න එපා

16 ප්රතිචාර comments:
ගැමුණු කුමාරයාට ජනාධිපති ධූරය ලැබේවා. එතකොට මේ රටට සියළු දෙවියන්ගේ පිහිටයි....:D
අම්මපා ඇත්ත පෙත්තෝ..මම උඹට 10යෙන් 13ක් දෙනවා.
ammapa aththa peththo...
Gemunu kumaraya janadipathi unaama, ubta naayaka wandi battaya wenna puluwan ohoma karan giyaama...hik
පොඩි ප්රශ්නයක් ලකුණු දෙන්නෙ 10 න්ද? 100න්ද? කොහොම උනත් මරු රචනේ :D
අනේ සාදු කිව්වලු... හැමුණු කුමාරයාටත් ගිය කලක්... ෆේස්බුක් එකේ ෆෑන්ස් පේජ් එකක් පටන් ගනීද දන්නේ නෑ... ගෲප් එකක් නම් දැනටමත් තියෙනවාද කොහෙද.. ආහ් පොඩි ප්රශ්ණයක් තියෙනවා පෙත්තෝ... ඔයාගේ ගම් පළාත කොහෙද ? කැකිරාවෙද ඇත්තට ?
අනේ සොලි සොලි... හැමුනු කුමාරයා නෙමෙයි අනේ.. ගැමුණු කුමාරයා, අපේ ගැමුණු කුමාරයා... :D :D :D
අම්මේ මෙහෙවු උදවිය ලබන්න අපි බොහොම පින් කරලා තියෙන්න ඇති. මේ ලඟදි ඇහුවා මේතුමාගේ ඉතාම රසවත් කතාවක් ඒකට අනුවනම් මේතුමා තමන්ගේ විතරක් නෙමෙයි අසල්වැසි දරුවන්ටත් පියෙක්.
කැමතිනම් අහන්න (පොඩි ලමයින්ට වඩාත් සුදුසුයි )
මුචා මොකද 13ක් විතරක් දෙන්නේ ?? මම නම් පෙත්තට 150ක් විතර දෙනවා.
අම්මෝ පෙත්තටත් හිතෙන දේවල්...
හොඳා හොඳා.....
සොරිවෙන්ඩ ඕනෙ පරක්කු උනාට.
අදයි දැක්කෙ...
එළ එළ ලකුණු 8යි
කථාවල සාරාංශ දාන්ඩ ඕනෙ ඒකට ලකුණු 2ක් දෙනවා.
පරිස්සමින්, පෙත්තෝ............. ලකුණු 88%..
මම මේ පෙත්තා ගැන උපන් සංවේගයකින් ලියන්නෙ. මට පේන හැටියට පෙත්තත් කැටපෝල පාරක් කන්නයි හදන්නෙ. ඔය කියන කුමාරය හරි වසයි.
නිලන්ත උන්නැහේ, හිත අමනාප කොර ගන්න එපා! පෙත්තා ආසම උන්නැහේ ගැන නෙව ලියන්නේ.
Thilina -: දෙයියන්ගේ නෙමේ ගැමුනු කුමාරයාගේ පිහිටයි හික් හික්
මුචලින්ද -: තැන්ක් යූ තැන්ක් යූ
garuka -:අඩුම ගානේ සංවිදායක දූරයක්වත් බලාපොරොත්තු වෙමි
ushan -: හිතෙන ගානකින් දෙන්න මේ පෙත්තගේ අඩවිය නොවෑ
උදාර මදුෂංක -: එහෙනම් නෙමේ ඒ පලාතෙම තමා ( උ.මැ )
ම -: ඕක දැකලා තමා මේක ලියන්න හිතුනේ
Chrishi -:තැන්ක් යූ තැන්ක් යූ
තරිඳු -: අන්තිම වාක්ය තේරුනේ නෑ
ප්රදීප් ලසන්ත -: එල එල පෙත්තා ආයේ කැලනියේ බිමින් යන්නේ නෑ යන්නේ උඩින්
නිලන්ත -: බයේ බෑ
-බිன்ku- -: බින්කුට තෙරුනා
නියම කොල්ලො,,.....
ඔන්න පෙත්තාව දාගත්තා මගේ බ්ලොග් එකටත්......... :D :D
http://urajonline.myblog.lk
ඇය් ? මාත් දාගෙන ඉන්නෙ !
http://diary-of-dragond.blogspot.com
Post a Comment
පෙත්තාගේ කැදැල්ලට පිවිස ප්රතිචාර දැක්වීමට තරම් කාරුණික වීම පිලිබදව ඔබට තුති.