පෙත්තාගේ බණ - බ්ලොග් ලියන්නන්ට සහ කියවන්නන්ට

පෙත්තා බ්ලොග් ලියන්න අලුත් උනාට කියවන්නනම් පුරුදු වෙලා හෙන කල් . ලගකදී ඉදලා පෙත්තාට පෙනී ගියපු දෙයක් තමා අපේ සිංහල බ්ලොග් කරුවන් කිහිප දෙනෙක් එක එකාට බැන ගැනීම ආරම්භ කරලා කියලා. අනේ ඇයි සහෝදරයනි මේ වලි. පෙත්තා වගේ හැමොම සමග සමගියෙන් සහයෝගයෙන් ඉන්නකෝ. කවුරූ කාගේ පෝස්ට් හොරකං කරත් මොකද? අපි මේ බ්ලොග් ලියන්නේ සල්ලි හොයන්න ඈ. අනික දකින අය දකිනවා. අනික් දෙය තමා මෙවැනි වැරදි කෙනෙක් පෙන්වා දුන්නහම ඒ පුද්ගලයාට නින්දිත විදිහට බැනීම සිදු නොකර සිටිනවානම් හොදයි. කවුද වැරදි කවුද හරි කියලා පාටකයා තීරනය කරයි.
පෙත්තා මේ අන්තර්ජාලයට ඉතා පරන පුද්ගලයකු නිසා දන්නවා ජීවිතයේ පමනක් නෙවේ අන්තර්ජාලයෙදීත් සමගිය බොහෝම වටිනවා කියලා. මොකද පෙත්තට වුනත් අවුරුදු 3 න 4 කට කලින් කියවන්න සිංහල සයිට් තිබ්බෙ අතේ ඇගිලි ගානටත් අඩුවෙන්. ඒත් දැන් සිංහලෙන් කියවන්න නම් සයිට් කීයක්නම් තියනවද?. ඔයගොල්ලොම කල්පනා කරන්න. ඒවාගෙන් 90% පමන බ්ලොග් කීවොත් මම හිතන්නේ මම හරි. අපේ සමහර අය ඒකට ගෞරවය පුදකරන්නේ බ්ලොග් ලබාදෙන වර්ඩ්ප්‍රෙස් බ්ලොගර් වැනි ආයතන වලට. පෙත්තා ඒවායේ දායකත්වය අඩු තක්සේරු කරනවා නොවේ. අපේ අය බ්ලොග් ලියන්නේ නැතිනම් තමන්ගේ අදහස් හුවමාරුකරගන්න කැමති නැත්නම් විශේශයෙන්ම තමාගේ දැනුම අනෙක් අයට ලබා දෙන්න අකමැතිනම්. අනික් අතට ඒවා කියවන්න ෆලෝ කරන්න කොමෙන්ට් දාන්න කට්ටිය නැත්නම් ඇති වැඩේ මොකක්ද?. ඒක නිසා ඔයගොල්ලන්ටම තේරෙනවා ඇති මෙහි ගෞරවය බාගෙට බාගේ ලිපිපල කරන්නන් හා කියවන්නන් අතරේ බෙදී යන බව. ඉතින් අපි අතරේ සමගිය නැතිනම් කොහොමද මේ එකක්වත් කරන්නේ.
ලිපි කොපිකරන අයත් මතක තබාගත යුතුකරුනක් තිබෙනවා ඒවා අමු අමුවේ කොපිකරනවා වෙනුවට අදාල කතෘට නිසි තැන ලබා දීමට කටයුතු කරනවානම් හොදයි. මොකද ඔයගොල්ලොත් කවදා හරි බ්ලොග් ලිව්වොත් තේරෙයි බ්ලොග් එකක් කොපිකරලා තියෙද්දි ඇතිවන දුක. මොකද ඒක ලියන්න වෙන මහන්සිය දන්නේ එම ලිපිය ලියන පුද්ගලයාම පමනයි. විශේශයෙන්ම සිංහල බ්ලොග් කරුවන් අතරින් බහුතරය පෙත්තාට පෙනී ගිය ආකාරයට විවිද ආකාරයේ සිසුන්, ආයතන වල සේවය කරන්නන් හා විදේශගත ශ්‍රී ලංකිකයන්ය. ඉති තමන්ට හමුවන සුලු විවේකයෙදි ලියන ලිපිය කොපි කිරීම මගින් ඇතිවන තත්වය ඔබම තේරුම් ගන්න.
ඔවුන්ට ලිපි කොපි කිරීමට සිදුවනුයේ කුමක් හො හේතුවක් මතය. ( උදාහරනයක් ලෙස සිංහල ටයිප් කිරීමේ ඇති අපහසුව ). මා සිතන ආකාරයට එවැනි දේ ගැන ලිපි ලියන්නන්ගෙන් උදවුවක් ඉල්ලුවොත් ඔවුන් එය නොකර සිටීවීයැයි සිතීමට අපහසුය.මෙහිදී ලිපි පල කරන්නන්ද මෙවැනි අයට උදවුකිරීම මා සිතන ආකාරයට මෙමගින් මෙම ගැටලුවට යම් පිලිතුරක් ලබාගත හැක. මෙහිදී තවත් දෙයක් සිහිපත්කරන්නට කැමතිය සමහර බ්ලොග් කරුවන් තමන් දැන සිටින දෙය කාටවත නොකියා සිට තමන් වැඩකරු යැයි පෙන්වීමට උත්සාහ දරයි. එසේ නොකර සියලු දෙනා සමග දැනුම බෙදා ගැනීම තමාට මෙන්ම සියලු දෙනාට කරන උපකාරයකි. මෙහිදී සිංහල බ්ලොග් සංසදය කරන කාර්යභාරය පැසසිය යුතුය. නමුත් ඔවුන්ද මීට වඩා බ්ලොග්කරුවන් අතරට පැමින ඔවුන්ට උදවු කරනවානම් වටිනේය විශේශයෙන්ම නවකයන්ට. නමුත් මෙයද කිවයුතුය සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය ආරම්භ කිරීමම ඉතා අගනා කටයුත්තකි.
මෙසේ කටයුතු කර අන්තර්ජාලයේ සිංහල අන්තර්ගතය වැඩි කරගතහොත් අපිට සැලසෙන වාසිය මා අමුතුවෙන් විස්තර කල යුතු නොවේ. එයට වෙන වෙන මහා පරිමාන සැලසුම් අවශය නොවේ. නවකයන්ට උපකාර කිරීම හා එකිනෙකා සමගියෙන් කටයුතු කිරීමම ප්‍රමානවත්ය. අපි අනිවාර්යයෙන්ම මෙය කල යුතු වේ මක් නිසාද අපි සියලු දෙනාම ශ්‍රීලාංකිකයන් වන නිසාය.

කියවලා කොමෙන්ට්ස් 1ක් දාලා යන්න ඒක ඔයගොල්ලන්ගේ අදහස් ගැන දැනගන්න උදව් වේවි.

13 ප්‍රතිචාර comments:

Anonymous August 9, 2009 at 4:50 AM  

සහතික ඇත්ත. 100% එකග වෙමි. ලගදීම බ්ලොග් වාරන මණ්ඩලයක් රජයෙන් පනවනු ඇත මේ යන විදිහට ගියොත්....

නිලන්‍ත August 9, 2009 at 7:06 AM  

බලාගෙන ගියහම මහා බහුශ්‍රැත පෙත්තෙක් නොවැ. හොඳා හොඳා..

August 9, 2009 at 8:34 AM  

මටත් වෙලාවකට බ්ලොග් එපා වෙනවා ඔය හේතුව නිසා. ගිහිල්ල දිර්ගන්වලා එනවා නෙමෙයි ආයි නොලියා ඉන්න තත්වෙට පත්කරල තමා එන්නේ

NUWAN August 9, 2009 at 10:36 AM  

පෙත්තප්පු බොහෝම වටින අදහසක්.

rane August 9, 2009 at 11:03 AM  

මම නම් නෑ කාතෙක්කවත් ත‍රහා

Thameera August 9, 2009 at 12:57 PM  

ඇත්ත පෙත්තො, වෛරයෙන් වෛරය නොසන්සි‍ඳේ කියල කියනවනෙ.

Anonymous August 9, 2009 at 3:55 PM  

හොඳ පෝස්ට් එකක්. :) . කොපි කරලාටත් වැඩිය අප්සෙට් මඩගහනකොට.

Anonymous August 9, 2009 at 4:46 PM  

මඩ ගහ ගහා වෙන තැන් වල සුදනා වීමට වෙර දරණ හරක්චන්ද්‍ර වැන්නවුන්ට අපේ උපහාරය! බි.පෙ.සි.

Pahan August 9, 2009 at 5:41 PM  

@Anonymous
මඩ ගහන්නෙ කවුරු කාටද කියල ඔයාගෙ කමෙන්ට් එක බැලුවාම පේනව. තෑන්ක්ස් මචං කමෙන්ට් එකට.

Gayan August 9, 2009 at 8:29 PM  

සමාවන්ඩ ඕනෙ මාතෘකාවෙන් එලියට පැන්නට. ලස්සන තීම් එකක් තියෙන්නෙ. අර උඩම තියෙන මෙනුවෙ අන්තිමට තියෙන Edit කියන එක මකල දැම්මනම් හරි වෙන වැඩකට ඇති ලින්ක් එකක් දැම්මනම් හොඳා වගේ.

wayaba withthi August 9, 2009 at 9:10 PM  

කතාව ඇත්ත අල්ලලා උලතියන්න ඔන

Anonymous August 9, 2009 at 10:14 PM  

බ්ලොග් ලියන, කියවන දෙගොල්ල්නම වගකීමක් තියෙනවා තමන්ගේ වැඩේ මොකද්ද කියල හිතල බලල වැඩ කරන්න..එතකොට අනවශ්‍ය ප්‍රශ්ණ මතු වෙන් නැ...

malee_msg August 10, 2009 at 9:51 AM  

ඇත්ත පෙත්තෝ. ඇත්ත!

Post a Comment

පෙත්තාගේ කැදැල්ලට පිවිස ප්‍රතිචාර දැක්වීමට තරම් කාරුණික වීම පිලිබදව ඔබට තුති.

මම හදවතින්ම ශ්‍රී ලාංකිකයෙක්

මම හදවතින්ම ශ්‍රී ලාංකිකයෙක්

පෙත්තාගේ ඉල්ලීම

පෙත්තාට හිතුනා පෙත්තාගේ බ්ලොග් එකට පොඩි පබ්ලිසිටියක් දාන්න ඒකට මට බ්ලොග් සගයන්ගෙන් පොඩි උදව්වක් ඕනේ. මේ අහිංසක පෙත්තවත් ඔයගොල්ලන්ගේ බ්ලොග් රෝල් එකට දාගන්නවාද පෙත්තත් ලෝබ නැතුව ඔයගොල්ලන්ගේ බ්ලොග් එකත් මගේ බ්ලො රෝල් එකේ දාන්නම්.

ටෙලි කතා අඩවිය නවතම ලිපි

පෙත්තාගේ යාලුවො

පෙත්තාගේ උපහාර පැකේජය

පෙත්තාගේ බ්ලොග් කැදැල්ල වෙත ඔබගේ ප්‍රතිචාර දැක්වීම පිලිබදව සහ එහි සාමජිකයකු ලෙස ඇතුලත්විම පිලිබදව ඔබ සැමට මාගේ උත්තමාචාරය. දරුනු වැඩිද මෙන්න කෙටියෙන් තෑන්ක්ස් මචාලා මචීලා.

ආපු ගාන සහ ඉන්න ගාන

free counters